මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එල්ටීටීඊ හා සම්බන්ධ සංවිධාන තහනම් කළේ නිවැරදි ක්‍රියා පිළිවෙතකට

    අප්‍රේල් 27, 2014

    එල්ටීටීඊ ක්‍රියාකාරින් හා සම්බන්ධ සංවිධාන තහනම් සංවිධානයන් ලෙස ප්‍රකාශ කළේ නිවැරදි ක්‍රියා පිළිවෙතකට අනුව බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය මහතා පවසයි.


    ශ්‍රී ලංකාව විසින් මෑතකදි තහනම් සංවිධාන ලෙස නම් කරන ලද එල්ටීටීඊ ක්‍රියාකාරීන් සම්බන්ධ සංවිධාන පිළිබඳව විවිධ පුද්ගලයින් විසින් ප්‍රශ්න නඟනු ලබන බව පෙන්වා දුන් මාධ්‍ය ප්‍රකාශකවරයා කොළඹ මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේය.


    එක්සත් ජාතීන්ගේ ආරක්ෂණ මණ්ඩලයට අයත් ප්‍රධාන රටවල් විසින් ත්‍රස්ත සංවිධාන විසින් අන්තර්ජාතික වශයෙන් අපරාධ සිදුකරන අවස්ථාවලදි ඒ පිළිබඳ ක්‍රියාකරන ආකාරය සම්බන්ධව සාකච්ඡා කර වැදගත් ප්‍රඥප්ති 2ක් 2011 වසරේදී සම්මත කර ගනු ලැබ තිබේ.


    මෙහි 1267 ප්‍රඥප්තියට අනුව මෙවැනි අන්තර්ජාතික ත්‍රස්ත සංවිධායන් පිළිබඳ ක්‍රියාකිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංගමයට අයත් සෑම රටක්ම නිසි බලධාරියකු පත් කළ යුතුය.


    එසේම 1373 ප්‍රඥප්තියට අනුව රටක අභ්‍යන්තරව පැන නඟින ත්‍රස්ත ක්‍රියා පිළිබඳව කටයුතු කිරීම සඳහා සෑම රටකම නිසි බලධාරියකු පත්කර සිටින අතර දැනට ශ්‍රී ලංකාවේ නිසි බලධාරියා වශයෙන් ආරක්ෂක ලේකම්වරයා ක්‍රියාකරනු ලබන බවද පැවසීය. රටේ පවතින තත්ත්වය හා බුද්ධි තොරතුරු අනුව මෙවැනි සංවිධානයක් තහනම් සංවිධානයක් බවට ප්‍රකාශ කිරීම සඳහා සියලු සාක්ෂි හා සා‍ධක තිබිය යුතු අතර 1373 ප්‍රඥප්තියට අනුව ක්‍රියාකළ යුතුය.


    එම වගන්තියට අනුව ශ්‍රී ලංකාව විසින් එල්ටීටීඊ ක්‍රියාකාරකම් නැවත පණ ගැන්වීමට ප්‍රයත්න දරණ සංවිධානයක් වශයෙන් සංවිධාන කිහිපයක් නම් කරනු ලැබීය. යම් සංවිධානයක් තමන් එම චෝදනාවලට සම්බන්ධ නැති බව පවසන්නේ නම් එකී සංවිධානයට නීත්‍යනුකූලව කටයුතු කිරීම මගින් හෝ දේශීය රටවල එහි නිසි බලධාරීන් වෙත දැන්වීම මගින් හා තමන්ගේ නිවැරදිභාවය ඔප්පු කිරීම තුළින් එම තහනම ඉවත් කළ හැකි බව මෙහිදි අනාවරණය කරන ලදි.


    එසේ වුවද තහනම් කරන ලද එවැනි කිසිම සංවිධානයක් මේ දක්වා එවැනි ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බවක් මෙතෙක් දැනගන්නට ලැබී නැති බව ද යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී පැවසීය.


    ඒ අනුව ශ්‍රී ලංකාව විසින් පසුගියදා තහනම් සංවිධාන ලෙසින් නම් කරන ලද එකී සංවිධානයන් පිළිබඳව වෛරයකින් හෝ ක්‍රෝධයකින් එවැන්නක් නොකළ බව පැවසු මාධ්‍ය ප්‍රකාශකවරයා එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තීන්ට අනුව මෙම ක්‍රියාවලිය පූර්ණ විනිවිද භාවයකින් යුක්තව සිදුකරන ලද එකක් යැයි කීය.


    HC/mod

    අනාවරණය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya