අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දහම් පාසල් ගුරුවරුන්ට උපහාර වශයෙන් සාමදාන විනිශ්චයකාර පදවි පිරිනැමීමට

    අප්‍රේල් 27, 2014
    ශ්‍රී ලාංකීය සිසු දරුවන්ට දහම් අධ්‍යාපනය ලබා දීම සඳහා ආර්ථික ප්‍රතිලාභ අපේක්ෂාවකින් තොරව ස්වේච්ඡාවෙන් සිය කාලය හා ශ්‍රමය කැප කරන දහම් පාසල් ගුරුවරුන්ට උපහාරයක් වශයෙන් සාමදාන විනිශ්චයකාර පදවි පිරිනැමීමට රජය කටයුතු යොදා ඇත.
     
     
    වසර 30කට වැඩි කාලයක් ඉගැන්වීමේ කටයුතුවල නියැළුණු ගුරුවරු මේ සඳහා තෝරා ගැනෙති. මේ සඳහා බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව යන රාජ්‍ය ආයතන ඒකාබද්ධව කටයුතු කරයි.
     
    මෙම සාමදාන විනිශ්චයකාර පදවි ලබා දීම දිස්ත්‍රික් මට්ටමින් සිදු කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව, කුරුණෑගල දිස්ත්‍රික්කයේ දහම් පාසල් ගුරුවරුන් 130 දෙනෙකුට සාමදාන විනිශ්චයකාර  පදවි පිරිනැමීමට නියමිතය. මෙම උත්සවය මේ මස 29 වනදා පස්වරු 2.00ට කුරුණෑගල නගර ශාලාවේදී පැවැත්වේ.
     
    කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙම උත්සවය සංවිධානය කෙරේ. 
    වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර, බුද්ධ ශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් චන්ද්‍රපේම ගමගේ, කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිනායක මහත්වරුන් හා රාජ්‍ය නිලධාරීන් මේ සඳහා සහභාගි වීමට නියමිතය.
     

    ECB/LNG
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya