මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීතිපති දෙපාර්තමේන්තුව පළාත් ඒකක පිහිටුවයි; පළාත් අධීක්ෂණ කටයුතු ශක්තිමත් කරයි Featured

    අප්‍රේල් 27, 2014

    උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ සාධනීය පියවරක් ලෙස පළාත් අධීක්ෂණ ක්‍රියාපිළිවෙළකට ඉඩ සැලසීම සඳහා පසුගිය අප්‍රේල් 20 වනදා සිට බල පැවැත්වෙන පරිදි දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ ක්‍රියාවලිය ප්‍රතිව්‍යුහගත කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.


    මෙම පියවර උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් වාර්තාවේ 9.212 දරන පහත සඳහන් නිර්දේශය ආමන්ත්‍රණය කරයි. "අපරාධ පරීක්ෂණ නීතිමය පියවර ගැනීම සහ අපරාධ යුක්ති පද්ධතිය ආශ්‍රිත වෙනත් කාරණා සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට මග පෙන්වීම හා උපදෙස් දීම සඳහා පළාත්වල නීතිපති දෙපාර්තමේන්තුවේ ඒකක පිහිටුවීම".


    නව පද්ධතිය යටතේ එක් එක් පළාත තුල සියලු සිවිල් හා අපරාධ කටයුතු සම්න්බන්ධ කරුණු පාලනය කිරීමට පළාත් නවය වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල්වරු නව දෙනෙකු පත් කර ඇත. ඔවුන්ට සහය වීම සඳහා ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක්ද පත් කර ඇත. ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරු දෙදෙනෙකු විසින් සිවිල් හා අපරාධ කොට්ඨාස සමස්ත වශයෙන් අධීක්ෂණය කිරීම සිදු කරනු ඇති අතර පළාතේ අධීක්ෂණ නිලධාරීන් සමග සම්න්බන්ධව කටයුතු කරනු ඇත.


    දෙපාර්තමේන්තුව හා පළාත් අතර සමීප සබඳතාවක් ස්ථාපනය කිරීම නව ක්‍රියාවලියේ අරමුණයි. පළාත භාර අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයාට නීතිපතිගේ මග පෙන්වීම හා අධීක්ෂණය අවශ්‍ය වන්නා වූ සියලු කටයුතු සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ සහකාර පොලිස් අධිකාරී, ප්‍රධාන ලේකම් හා අනෙකුත් ප්‍රාදේශීය අමාත්‍යංශ ලේකම්වරු සමගින් ඍජුව සම්බන්ධවීමේ අවස්ථාව මේ තුළින් හිමිවේ.


    HC/LLRC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya