කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය වරයෙකු ලෙස දීර්ඝකාලයක් සේවය කර ඇති මද්දුම බණ්ඩාර මහතා එහි අංශාධිපතිවරයා වශයෙන් ද කටයුතු කර තිබේ. දැනට කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති වශයෙන් හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ අධ්යක්ෂ ජෙනරාල්වරයා වශයෙන් ද ඔහු කටයුතු කරමින් සිටී.
මහනුවර, මයිලපිටිය මහා විදුහලේ හා තලාතුඔය හේවාහැට මධ්‍ය මහා විදුහලේ ආදි සිසුවකු වන මද්දුම බණ්ඩාර මහතා කැලණිය විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධිය ලබාගෙන තිබේ.
HC