අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජිනීවා හි මානව හිමිකම් යෝජනාවට එරෙහි විරෝධතා උත්සන්න වෙයි

    මාර්තු 22, 2014

    ශ‍්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාව ප‍්‍රමුඛ රටවල් විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ගෙනා යෝජනාවලියට මාර්තු 27 දින පැවැත්වෙන ඡන්ද විමසීමේ දී සහයෝගය ලබා නොදෙන්න යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවලට බලකරන උද්ඝෝෂණයක් පැවැත්වීමට යුරෝපයේ වෙසෙන ශ‍්‍රී ලාංකික එකමුතුව කටයුතු සංවිධානය කර ඇත.

    මෙම දැවැන්ත උද්ඝෝෂණය මාර්තු 24 දින පෙරවරු 11.00 සිට 5000කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ජිනීවා හි මානව හිමිකම් කවුන්සිලය අභියසදී පැවැත්වෙන අතර ඒ සඳහා ඉතාලිය, ප‍්‍රංශය, ජර්මනිය, ස්විස්ටර්ලන්තය, ලන්ඩනය, නෝර්වේ, ස්වීඩනය හා නෙදර්ලන්තය අතුළු යුරෝපයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයින්ට අමතරව ඕස්ටේ‍්‍රලියාව, කැනඩාව වැනි රාජ්‍යයන්වල සිටින ශ‍්‍රී ලාංකීය පිරිස් ද පක්ෂ පාට බේදයෙන් තොරව එක්වන බව යුරෝපයේ වෙසෙන ශ‍්‍රී ලාංකේය ප්‍රජාව ප‍්‍රකාශ කරති.

    ශ‍්‍රී ලංකාවේ ත‍්‍රස්තවාදීන්ට එරෙහිව කළ මානුෂීය මෙහෙයුමේ අවසන් අදියරේ දී සිදුවූ වා යැයි කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජගත් සංවිධාන විසින් ගෙන එනු ලබන යෝජනාවන්ට එරෙහිව හඬක් නඟන්නට යුරෝපයේ විසිරී සිටින ශ‍්‍රී ලාංකීය එකමුතුව යුරෝපය පුරාම විරෝධතාවන් සංවිධානය කළේය.

    මෙම උද්ඝෝෂණ මාලාවේ පළමු වැන්න ලන්ඩන් නුවර කේන්ද්‍රකර ගනිමින් පැවැත්විණි. විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් බි‍්‍රතාන්‍යය අග‍්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතාගේ නිල නිවස ඉදිරිපිට එම විරෝධතාව පැවැත්විණි.

    එමෙන්ම මාර්තු 19 දින ප‍්‍රංශයේ වෙසෙන ශ‍්‍රි ලාංකිකයින් විසින් සංවිධානය කළ විරෝධතාවක් ප‍්‍රංශයේ බි‍්‍රතාන්‍ය තානාපති කාර්යාලය ඉදිරිපිට දී පැවැත්විණි. මෙම උද්ඝෝෂණය පැවැත්වෙන අවස්ථාවේ දී දෙමළ ඩයස්පෝරාවේ කොටි හිතවාදී පිරිසක් එල්ටීටීඊ කොඩිය ප‍්‍රදර්ශනය කරමින් විරෝධතාව පැවැති ස්ථානයට පැමිණීමට උත්සාහ කළ ද ප‍්‍රංශ පොලිසිය එම පිරිස පලවා හැරීමට කටයුතු කළේය. රෝම පාර්ලිමේන්තුව අභියස පැවැති උද්ඝෝෂණය පැය දෙකකට ආසන්න කාලයක් පැවැති අතර ඉතාලි රජය විසින් ඒ සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් සපයා තිබිණි. මෙම උද්ඝෝෂණ අවස්ථාවේ දී ඉතාලි පාර්ලිමේන්තුව තුළ ඉතාලි ජනාධිපති ජියොර්ජියෝ නැපොලිටානෝ මහතා සිටීම ද විශේෂත්වයක් විය.

    විරෝධතාව අවසානයේ දී විරෝධතාකරුවන් විසින් විශේෂ සංදේශයක් ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කාර්යාල නියෝජිතයෙකුට බාරදීම ද සිදු විය. මීට අමතරව විදෙස්ගතව සිටින ශ‍්‍රී ලාංකික සංවිධානයක් වන ශ‍්‍රී ලංකාවේ සාමය සඳහා වූ ලෝක සංධානය ඊයේ(20) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත විශේෂ ඉල්ලීමක් කරමින් පවසා ඇත්තේ ශ‍්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කර ඇති එම යෝජනාවලියට විරුද්ධව කටයුතු කරන ලෙසයි.

    ශ‍්‍රී ලංකාවට එරෙහිව චැනල් 4 නාලිකාව මගින් ජිනීවා හි ගෙන යන සාවද්‍ය ප‍්‍රචාරයන්ට ප‍්‍රතිචාර වශයෙන් ස්විස්ටර්ලන්තය මූලික කරගත් Unity for United Sri Lanka සංවිධානය විසින් ඉදිරිපත් කරනු ලබන The Last Phase කෙටි චිත‍්‍රපටය මාර්තු 21 දින මානව හිමිකම් කවුන්සිලයේ මානව හිමිකම් ක‍්‍රියාකාරීන් හා එම නියෝජිතයින් හමුවේ විකාශය සඳහා කටයුතු සූදානම් කර ඇත. මානුෂීය මෙහෙයුමේ දී ත‍්‍රස්තවාදීන්ගේ ග‍්‍රහණයේ සිටි අහිංසක දෙමළ ජනතාව මෙන්ම එහි ක‍්‍රියාකාරීන් ශ‍්‍රී ලංකා රජයේ හමුදාවන් විසින් මුදාගැනීමෙන් පසු පුනරුත්ථාපනය කර සමාජගත කිරීමේ ක‍්‍රියාවලිය මෙම චිත‍්‍රපටය මගින් පිළිඹිබුවේ.

    දෙමළ ඩයස්පෝරාව, ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවේ කොන්කිරීමට ගෙනයන ප‍්‍රචාර හමුවේ මානව හිමිකම් ක‍්‍රියාකාරීන්ට මෙන්ම එම රටවල නියෝජතයින්ට ශ‍්‍රී ලංකාවේ පවතින සැබෑ තත්ත්වය පෙන්වාදීම හා වර්තමානයේ රටතුළ පවතින ජාතීන්ගේ එකමුතුව ඉදිරියටත් නිදහසේ ගෙනයාමට සහය වන ලෙස ඉල්ලීම මෙහි ප‍්‍රධාන අරමුණ වේ.

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya