අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බොස්ට්වානා මහ කොමසාරිස් ආර්ථික සංවර්ධන ඇමති හමුවේ

    අප්‍රේල් 25, 2014
    බොස්ට්වානා මහ කොමසාරිස් ලෙසගෝ එතෙල් මොසුමියෝ මහත්මිය සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද (25) ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේදී සිදුවිය.
     
    බොස්ට්වානාහි නිපදවනු ලබන දියමන්ති, මැණික් සහ ස්වර්ණාභරණ ඍජුව ම ලංකාවට ගෙන ඒමේ වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමු කරන ලදී. බොස්ට්වානාහි නිපදවනු ලබන මැණික් සහ ස්වර්ණාභරණ මෙතෙක් ශ‍්‍රී ලංකාවට ආනයනය කරනු ලබන්නේ අප‍්‍රිකාව හරහාය. බොස්ට්වානා සිට ඍජුවම ලංකාවට එම භාණ්ඩ ආනයනය කිරීම තුළින් තුන්වන පාර්ශ්වයකගේ මැදිහත්වීම මගහැරී යාම නිසා එහි වාසි දෙරටට හිමිවන අතර තවත් පැත්තකින් දෙරට අතර ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අවස්ථාව උදා වේ. 
     
    මෙම සාකච්ඡාවේදී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරුණු අතර එහිදී අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ පරිසර හිතකාමී කර්මාන්තයක් ලෙස ලංකාව තුළ පතල් කර්මාන්තය කරගෙන යන බවය.
     
    පසුගිය වසර කිහිපය තුළ බොස්ට්වානාහි ආර්ථික, ආයෝජන සහ කාෂිකාර්මික අතින් ලත් ප‍්‍රගතිය පිළිබඳව ද බොස්ට්වානා මහකොමසාරිස් ලෙසගෝ එතෙල් මොසුමියෝ මහත්මිය විසින් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට විස්තර කරන ලැබුවාය. අමාත්‍යවරයා ද එම රට ලබා ඇති ප‍්‍රගතිය පිළිබඳ සිය සතුට පළ කළේය.
     
    මෙම අවස්ථාවට ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචි නිලමේ මහතා ඇතුළු රජයේ නිලධාරිහු පිරිසක් සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya