මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම්පහ විශ්වවිද්‍යාල සිසුන් 1021කට මහපොළ ශිෂ්‍යත්ව

    අප්‍රේල් 25, 2014
    2011- 2012 අධ්‍යයන වර්ෂය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයෙන් විශ්වවිද්‍යාලවලට තේරීපත්ව මහපොළ ශිෂ්‍යත්වය සඳහා සුදුසුකම් ලැබූ සිසුන් 1021ක් වෙත මහපොළ ශිෂ්‍යත්ව චෙක්පත් ප‍්‍රදානය කිරීම ඊයේ (24) මැති ඇමතිවරු රැසකගේ සහභාගිත්වයෙන් ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේදී සිදු කෙරිණි. 
     
    1981 අංක 66 දරණ පාර්ලිමේන්තු පනත යටතේ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල දිවංගත ලලිත් ඇතුළත්මුදලි මහතා විසින් ආරම්භ කරන ලදී. මහපොළ ශිෂ්‍යත්ව ප‍්‍රදානය ආරම්භයේදී කුසලතා ශිෂ්‍යත්වය සඳහා රුපියල් 400ක මුදලකුත්, සාමාන්‍ය ශිෂ්‍යත්වය සඳහා රුපියල් 350ක මුදලකුත් ලබා දුන් අතර මේ වන විට එම 
    මුදල රුපියල් 2500 දක්වා වැඩිවී තිබේ. ආරම්භයේ සිට අද දක්වා සිසුන් 211,200ක් සඳහා මහපොළ ශිෂ්‍යත්ව වශයෙන් රුපියල් බිලියන 9ක මුදලක් ප්‍රදානය කර ඇත. 
     
    2011/12 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට ඇතුළත්වූ සිසුන් අතරින් මහපොළ ශිෂ්‍යත්ව ලබාගැනීම සඳහා සසුන් 11,300ක් සුදුසුකම් ලබා තිබේ. අනෙකුත් උසස් අධ්‍යාපන ආයතනවල සිසුන් සඳහා පිරිනැමෙන මහපොළ ශිෂ්‍යත්ව ප‍්‍රමාණය 2200ක් පමණ වේ. ඒ අනුව 2011/12 අධ්‍යයන වර්ෂය වෙනුවෙන් මහපොළ ශිෂ්‍යත්ව 13,500ක් පමණ ප්‍රදානය කිරීමට නියමිතය. 
     
    මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් සමූපකාර සහ අභ්‍යන්තර වෙළඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකර මහතා ප‍්‍රකාශ කර සිටියේ ලබන වර්ෂයේදී මහපොළ ශිෂ්‍යාධාර මුදල රුපියල් 5000 දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බවයි. රජය ලබාදෙන මෙම මුදල් අධ්‍යාපනයේ නිසි පළ නෙළා ගැනීම සඳහා වැය කරන ලෙසත් තම දෙමාපියන්ගේ බලාපොරොත්තු ඉටු කරමින් රටට වැඩදායී පුද්ගලයෙකු ලෙස සේවය කිරීමට අධ්‍යාපනයට මුල්තැන දිය යුතු බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. විශ්වවිද්‍යාල භූමියේදී විවිධ දේශපාලන අරමුණුවලින් පැමිණෙන පුද්ගලයන්ගේ රැඩිකල්වාදී ක‍්‍රියාකලාපයන්ට නතුවෙමින් රජය අපහසුතාවට පත්වන අන්දමේ ක‍්‍රියා නොකරන ලෙසද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ශිෂ්‍යත්වලාභීන්ගෙන් ඉල්ලා සිටියේය. 
     
    මෙම අවස්ථාවට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නියෝජනය කරමින් ලිය අබිමන් සංවිධානයේ සභාපතිනි නීතිඥ පුෂ්පා රාජපක්ෂ, සමාජ සේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා, දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක, බස්නාහිර පළාත් සභාවේ සභාපති සුනිල් විජේරත්න, ගම්පහ දිස්ත‍්‍රික් ලේකම් ජේ.ජේ. රත්නසිරි, කැලණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
     
    DB
     
    GAMPHA MAHA POLA
     
     
     
    GAMPHA MAHA POLA 1
     
     
     
    GAMPHA MAHA POLA 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya