මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක තරුණ සංවර්ධනය පිළිබඳව ජාත්‍යන්තර මට්ටමේ හැදෑරීමක්

    අප්‍රේල් 25, 2014
    2014 තරුණයින් පිළිබඳ ව ලෝක සමුළුව (World Conference on Youth ) වාරය තුළ ගෙවුණු දශක කිහිපය තුළ ලෝක තරුණ ක‍්‍රියාකාරකම් පිළිබඳ ව ජාත්‍යන්තර මට්ටමේ හැදෑරීමක් තරුණ සමුළු න්‍යාය පත‍්‍රයට ඇතුළත් කොට තිබෙන බව යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරයි.
     
    මැයි මස 06 වන දින සිට 10 වන දින දක්වා ශ‍්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත  2වන ලෝක තරුණ සමුවේ එක් වාරයක් ඇතුළත දී මෙවැනි හැදෑරීමක් කරන ප‍්‍රථම අවස්ථාව මෙය වන නිසා මෙවර සමුළුව පිළිබඳ ව අන්තර් ජාතික මට්ටමේ අවධානය වැඩි වී තිබෙන බවද අමාත්‍යංශය සඳහන් කරයි. 
     
    මෙම හැදෑරීම තුළ ලෝකය පුරා ව්‍යාප්ත වූ විවිධ තරුණ කැරලි, තරුණ නැඟිටීම්, ගෝලීය සංවර්ධන ඉලක්කයන් සපුරාලීම සඳහා තරුණ දායකත්ව, තරුණයන් මුහුණදුන් දරිද්‍රතාවය, නව විද්‍යාත්මක දැනුම ආදී කරුණු පිළිබඳ ව සාකච්ඡා සිදු කරනු ලබයි. 
     
    මෙවර පැවැත්වෙන ලෝක තරුණ සමුළුව සැසි වාර කිහිපයකින් යුක්ත අතර, සමස්ත න්‍යාය පත‍්‍රය ද මේ වන විට ප‍්‍රකාශයට පත් කොට තිබේ. 
     
    එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ සභාපති ජෝර්ජ් විලියම් ඈෂ් මහතා ජාත්‍යන්තර ආරාධිතයා ලෙස සහභාගි වන අතර, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සමුළුව 06 වන දින හම්බන්තොට මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ කිරීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya