මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික සමඟිය රටට අත්‍යවශ්‍ය සාධකයක් Featured

    අප්‍රේල් 25, 2014
    ජාතික සමඟිය අද අපේ රටට අත්‍යවශ්‍යම සාධකයක් බවත් ත්‍රස්තවාදය නිමා කිරිමත් සමඟම රටතුළ සංහිඳියාව ගොඩනැඟිම පිළිබඳව කතාබහ කරන්න පටන් ගෙන තිබෙන බවත් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පවසයි.
     
    රෙජිස්ට්‍රාර්වරුන් විදිහට ජාතික සංහිඳියාව ගොඩනැගීමේ කාර්යෙහිලා ‍ඔබ‍ වෙත විශාල වගකීමක් පවතින බවත් අමාත්‍යවරයා පැවසීය.
     
    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ සමස්ත ලංකා උප්පැන්න, විවාහ, මරණ, රෙජිස්ට්‍රාර්වරුන්ගේ සම්මේලනයේ 26 වන සංවත්සර උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවෙමිනි. මෙම උත්සවය කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. 
     
    "මෙම සේවය ඉතා ගෞරවනීය සේවයක්. රෙජිස්ට්‍රාර් ධූරය‍ට අපි තෝරාගන්නේ සමාජයේ පිළිගත් ගෞරවනීය පුද්ගලයින් පමණයි. ඒ වගේ ගරු කටයුතු පුද්ගලයින් වන ඔබගෙන් අපි බලාපොරොත්තුවන්නේ සමාජමය මෙහෙවරක්. පවතින නීතිය තුළ වයස අවුරුදු 18 අඩු ගැහැනු දරුවන්ට විවාහවීමට නීතියෙන් ඉඩක් නෑ. නමුත් එවැනි සිදුවිම් ගැන විටින් විට අපට වාර්තා වෙනවා . මේ නිසා එවන් සිදුවිම් සිදු නොවීමට වගබලා ගැනීම රෙජිස්ට්‍රාර්වරුන් වන ඔබගේ වගකීමක්" යැයි ද අමාත්‍යවරයා පැවසීය.
     
    " අදවන විට පුරා රෙජිස්ට්‍රාර්වරුන් 2000ක් පමණ මේ සේවාව සපයනවා. මේ අයගේ වෘත්තීය ගරුත්වය, තත්ත්වය නඟාසිටුවීමට අපි රජයක් ලෙස පියවර රැසක් ගත්තා. එහි අරමුණ ඉහළ සේවාවක් ලබාදීම වගේම  රෙජිස්ට්‍රාර්වරුන්ගේ තත්ත්වය ඉහළ දැමීමයි. මේ සියල්ල  අතර ඇතැම් පුද්ගලයින් මේ සේවාවේ ගෞරවයට හානි වන අයුරින් කටයුතු කරන අවස්ථා වාර්තා වෙනවා. එවැනි දේවල් සිදුනොවීමට වගබලා ගැනිම ඔබගේ වගකීමක්. මම විශ්වාස කරනවා එළඹෙන වසරේ මේ සම්මේලනය උතුරු පළාතේ පවත්වන්න පුළුවන් නම් රට ගැන ජාත්‍යන්තරය නඟන චෝදනාවලට හොඳ පිළිතුරක් ‍දෙන්නට ඔබ සංගමයට හැකිවේවි කියලා" යැයි ද කීය.
     
    මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි තිලංග සුමතිපාල, පළාත් සභා මන්ත්‍රී සහ මෙම සංගමයේ ප්‍රධාන අනුශාසක අශෝක ජයවර්ධන, කොළඹ දිස්ත්‍රික් ලේකම් කමල් පද්මසිරි මහත්වරුන් ඇතුළු සංගමයේ සමාජිකයින් විශාල පිරිසක් සහභාගිවී සිටියහ.
     
    DB
     
    DSC 3031
     
    DSC 3016

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya