මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර විශ්ව සමුළු ජංගම යෙදවුම් නිර්මාණ සම්මාන ප්‍රදානෝත්සවයට අයදුම්පත් බාර ගැනේ

    අප්‍රේල් 25, 2014


    2014 ජාත්‍යන්තර  විශ්ව සමුළු ජංගම  යෙදවුම් නිර්මාණ සම්මාන ප්‍රදානෝත්සවය සඳහා අයදුම්පත් බාර ගැනීම ලබන මස 5දා දක්වා සිදු කෙරෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) පවසනවා.


    එම් - රාජ්‍ය පාලනය හා සහභාගිත්වය, එම් - පරිසරය හා සෞඛ්‍යය, එම්- ඉගෙනුම් හා අධ්‍යාපනය, එම් - විනෝදාංශ හා ජීවන රටාව, එම්- සංචාරය හා සංස්කෘතිය, එම්- මාධ්‍ය හා ප්‍රවෘත්ති, එම්- ව්‍යාපාරික හා වාණිජ්‍ය, එම්- අන්තර්ග්‍රහණය හා බල ගැන්වීම යන අංශයන් යටතේ මේ සඳහා නිර්මාණ ඉදිරිපත් කළ හැකි බව නියෝජිතායතනය වැඩිදුරටත් පවසනවා.


    www.icta.lk/wsa වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 0112369099 දූරකතන අංකයට ඇමතීමෙන් මේ පිළිබඳ වැඩි තොරතුරු දැනගැනීමට හැකිවේ.
    ලබන වසරේ පෙබරවාරි  මාසයේ අබුඩාබියේදී මෙම සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වීමට නියමිතව තිබේ.
    තොරතුරු තාක්‍ෂණ සමාජය පිළිබඳ ලෝක සමුළු සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඒකාබද්ධව මෙය සංවිධානය කරනු ලබයි.
     
     ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya