අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යොවුන් පාර්ලිමේන්තුවේ හත් වැනි සැසි වාරය අද සහ හෙට

    මාර්තු 22, 2014

    ශ්‍රී ලංකා යූත් දෙවැනි පාර්ලිමේන්තුවේ හත් වැනි සැසි වාරය අද (22) සහ හෙට (23) මහරගම ශ්‍රී ලංකා යූත් මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.


    "ලෝක තරුණ සමුළුවේ ප්‍රකාශනය, ගෝලීය සංවර්ධනය කෙරෙහි ඇති කරන බලපෑම, වත්මන් තරුණ පරපුර ලෙස ඔබ දකින ආකාරය" යන තේමාව යටතේ මෙහිදී විවාද කිරීමට කටයුතු යොදා ඇත.

    22 වැනි දින සුවිශේෂි ආරාධිත අමුත්තා ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සහභාගීවන අතර 23 වැනිදා විශේෂ ආරාධිත අමුත්තා ලෙස සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගීවීමට නියමිතය.

    යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා, ජාතික තරුණ සේවා සභාවේ සභපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතය.

    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya