අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලිබියාවට ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් යැවීම අත්හිටුවයි

    අප්‍රේල් 23, 2014
    ලිබියාවේ පවතින වත්මන් වාතාවරණය සැලකිල්ලට ගනිමින් ලිබියාවට ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් යැවීම තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය තීරණය කර ඇත. 
     
    ලිබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් එහි ශ්‍රමිකයන්ට හිතකර වතාවරණයක් නොපවතින බව දැනුම් දී ඇති බවත් ඒ අනුව මෙම තීරණය ගත් බවත් විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි රන්දෙනිය මහතා පැවසීය.
     
    ලිබියාවේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ඉතා සුළු පිරිසක් රැකියාවල නිරතව සිටින බවත් එම පිරිස්ද මෙරටට ගෙන්වා ගැනීමට කඩිනමින් කටයුතු කරන බවද කීය.
     
    ලිබියාවේ දැනට පවතින ගැටුම්කාරී වාතාවරණය යහපත් අතට පත් වුවහොත් ශ්‍රමිකයින්ට නැවත ලිබියාවට යෑම සඳහා කටයුතු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya