මෙය අභිමංසල සුවසහන මධ්‍යස්ථානයක ස්ථාපිත කෙරෙන තෙවන නැණසල මධ්‍යස්ථානය වන බවද නියෝජිතායතනය පවසයි.
සමාජයේ සෙසු පිරිස් සඳහා තොරතුරු තාක්ෂණ දැනුම මෙන්ම එම පහසුකම් ලබා දීමට නැණසල මධ්‍යස්ථාන මගින් විශාල රුකුලක් ලැබේ. දැයේ විරුවන් වෙනුවෙන්ද එවැන්නක් ලබා දීමට හැකිවීම ගැන සතුටු වන බවද නියෝජිතායතනය සඳහන් කරයි.
ඉබ්බාගමුව පාන්ගෝල්ලේදී ලබන 25 දා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් තෙවන අභිමංසල සුවසහන මධ්‍යස්ථානය විවෘත කිරීමට නියමිතය.
මේ වන විට දිවයින පුරා ස්ථාපිත කර තිබෙන නැණසල මධ්‍යස්ථාන ගණන 765කි.