අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාපැදිවල පරාවර්ථිත ස්ටිකර් ඇලවීම සාර්ථකයි

    අප්‍රේල් 23, 2014

    පාපැදිවල පරාවර්ථිත ස්ටිකර් ඇලවීමේ වැඩසටහන ඉතා සාර්ථක වූ බව මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාවේ ලේකම් නීතිඥ චතුර උමගිලිය මහතා පවසයි. පාපැදිකරුවන් අනතුරුවලට ලක්වීම අවම කිරීම සහ රාත්‍රී කාලයේදී ගමන්ගන්නා පාපැදිකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම පාපැදිවල ආරක්ෂක මෙවලම් උපකරණ සවිකිරීම, රාත්‍රී කාලයේදී පාපැදිකරුවන්ට ලා වර්ණ ඇඳුම් ඇඳීමේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම යනාදිය අරමුණු කර ගනිමින් මෙය ක්‍රියාත්මක කෙරිණි.


    කළුතර පානදුර, ගල්කිස්ස, ඇල්පිටිය, ගාල්ල, මාතර, තංගල්ල, මීගමුව, හලාවත, පුත්තලම, කැලණිය පොලිස් බල ප්‍රදේශවල පොලිස් ස්ථාන 110ක පාපැදි 40,000ක් සඳහා පරාවර්ථිත ස්ටිකර් ඇලවීමට මේ වැඩසටහන ක්‍රියාත්මක වූ අතර, මෙම වැඩසටහන ඉතා සාර්ථක වී තිබේ.

    සීග්‍රයෙන් ඉහළ යන මාර්ග රිය අනතුරු හේතුවෙන් අප රට තුළ දිනකට පුද්ගලයන් 6-7ක් මිය යන අතර තුවාල ලබන ප‍්‍රමාණය ද දිනෙන් දින ඉහළ යමින් පවතී. මේ අනුව මිය යන හා තුවාල ලබන පුද්ගලයන් ප‍්‍රමාණය අවම කරමින්, ආර්ථික වශයෙන් රටට අහිමි වන බිලියන ගණනක රාජ්‍ය මුදල් ආරක්‍ෂා කරමින්, ශ්‍රී ලංකාවාසී ජනතාවට සුරක්‍ෂිත මාර්ග පද්ධතියක් ලබාදීම, මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාවේ වගකීමක් ලෙස  පැවරී ඇත.

    රටතුළ සිදුවන රිය අනතුරුවලින් පාපැදිකරුවන් රිය අනතුරුවලට භාජනය වීමේ ඉහළයාමක් දක්නට ලැබෙන බව සංඛ්‍යා ලේඛනවලින් පැහැදිලි වේ.  ඒ අනුව 2013 වසරේ රිය අනතුරු 39801ක් සිදුවී ඇති අතර, මින් 2340ක් මියගොස් ඇත. තුවාල ලැබූ පිරිස 6938කි.

    මින් මියගිය පාපැදිකරුවන්ගේ සංඛ්‍යාව 258කි. මෙකී අනතුරු බහුලවීම සිදුවී ඇත්තේ රාත්‍රී කාලයේදී වන අතර, ඒ සඳහා පාපැදිවල පරාවර්ථිත පහන් සවිකර නොතිබීම සහ රාත්‍රී කාලයේ පාපැදිකරුවන් අඳුරු වර්ණ ඇඳුම් ඇදීම හේතුවේ.

    මෙම පරාවර්ථිත ස්ටිකර් ඇලවීමේ වැඩසටහනට මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති නීතිඥ ගාමිණි ඒකනායක, මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාවේ ලේකම් නීතිඥ චතුර උමගිලිය, මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාවේ සම්බන්ධිකරණ නිලධාරී බී.පී.ඒ. රුවන්, නියෝජ්‍ය පොලිස්පති (රථ වාහන) පී.ඩී.ඒ.කේ. සේනාරත්න, පොලිස් අධිකාරී (පානදුර) කපිල කඩුපිටිය, පොලිස් අධිකාරී (කළුතර) රෝෂාන් ද සිල්වා, පානදුර පොලිස් කොට්ඨාස රථවාහන ස්ථානාධිපති සී.පී. වැදිසිංහ, රථවාහන ස්ථානාධිපති (වාද්දුව) පෙරේරා, මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් (තාක්ෂණ) එස්.ඒ. පේ‍්‍රමරත්න, ශ‍්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ විධායක නිලධාරි එච්.ඒ.එල්.එල්. විජේසිංහ යන මහත්වරු සහභාගී වුහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya