අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2013 මත්ස්‍ය අපනයනයෙන් මිලියන 31,792ක වාර්තාගත ආදායමක් Featured

    අප්‍රේල් 23, 2014

    2013 වසරේදී මෙරට මත්ස්‍ය අපනයනයනයෙන් ලැබූ ආදායම රුපියල් මිලියන 31,792 දක්වා සියයට 21කින් වාර්තාගත ලෙස වැඩි වී තිබෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පසුගියදා අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදී පැවසීය.


    2010දී මෙරට මත්ස්‍ය අපනයනයනයෙන් ලැබූ ආදායම රුපියල් මිලියන 19,834ක් වූ අතර එය 2011 දී රුපියල් මිලියන 21,876ක් ද 2012දී රුපියල් මිලියන 26,363ක් ද විය.

     

    මත්ස්‍ය නිෂ්පාදන ආනයනය ද ගෙවී ගිය වසර කිහිපය තුළ ක‍්‍රමානුකූලව අඩු වී තිබේ. ඒ අනුව 2010දී මත්ස්‍ය නිෂ්පාදන මෙට්රික් ටොන් 80,013ක් ආනයනය කර තිබුණ ද එකී ප‍්‍රමාණය 2012 වන විට මෙට්රික් ටොන් 71,413 දක්වා 13%කින් අඩු කර ගැනීමට හැකි වී තිබේ.

     

    2010දී කරවල ආනයනය මෙට්රික් ටොන් 18,477ක් වූ අතර එය 2012දී මෙට්රික් ටොන් 14,165ක් දක්වා 20% කින් අඩු වී ඇත. 2010දී හාල්මැස්සෝ මෙට්රික් ටොන් 27,304ක් ආනයනය කර ඇති අතර එය 2012දී මෙට්රික් ටොන් 25,181 දක්වා සියයට 9කින්ද, 2010දී උම්බලකඩ මෙට්රික් ටොන් 2871ක් ආනයනය කර තිබුණ ද 2012දී මෙට්රික් ටොන් 1383 දක්වා සියයට 50කින් ද අඩු කිරීමට හැකි වී තිබෙන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.


    ආහාර සඳහා වන මාළු, ඉස්සන්, කකුළුවන්, විසිතුරු මසුන්, මත්ස්‍ය ආහාර ඇතුළු මත්ස්‍ය ආශ‍්‍රිත නිෂ්පාදන රැසක් අපනයනය කරන අතර කරවල, හාල්මැස්සසෝ, උම්බලකඩ, සැමන් ටින්, හෝටල් සඳහා මසුන් ඇතුළු නිෂ්පාදන කීපයක් ආනයනය කරනු ලැබේ.

     

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ගෙවීගිය කාලය තුළ ධීවර අමාත්‍යාංශය මඟින් ඍජු ලෙසම ක‍්‍රියාත්මක කළ වැඩපිළිවෙළ හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ දිවි නැඟුම වැඩසටහන යටතේ ධීවර ක්ෂේත‍්‍රයේ ස්වයංරැකියා සඳහා ලබා දුන් මුල්‍යමය ආධාර හා පුහුණුව නිසාම අප රටේ කතුන් මේ කරවල හා උම්බලකඩ නිෂ්පාදනයට ඉදිරිපත්ව සිටිනවා. මේ නිසා දැන් අපේ රටේ කරවල හා උම්බලකඩ සැලකිය යුතු ප‍්‍රමාණයක් නිෂ්පාදනය වෙනවා. ඉදිරි වසර කිහිපය තුළ කරවල හා උම්බලකඩ මෙරටම නිෂ්පාදන ප්‍රමාණය වැඩි කිරීමටත්, සැමන් ටින් කර්මාන්තශාලා සඳහා අවශ්‍ය රාජ්‍යමය සහයෝගය ලබාදෙමින් ඔවුන්ව දිරිගන්වමින්ද මෙරටට ආනයනය කරනු ලබන උම්බලකඩ, සැමන් හා කරවල ආනයනය ක‍්‍රමයෙන් නවතා දමමින් ඒවා මෙහිම නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට බලාපොරොත්තු වෙනවා. මත්ස්‍ය අපනයන ප‍්‍රමාණය 2013 රුපියල් මිලියන 31,792ක් වූ අතර ඒ ප‍්‍රමාණය ඉදිරි වසර කිහිපය තුළ දී රුපියල් මිලියන 50,000 දක්වා වර්ධනය කිරීමට සැලසුම් කර ඇතැයි ද පැවසීය.

     

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya