අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සී-නෝර් පදනම බහුදින යාත‍්‍රා නිෂ්පාදනයට Featured

    අප්‍රේල් 23, 2014

    ඉන්ධන භාවිතයෙන් මෙන්ම රුවල් මඟින් ක‍්‍රියාත්මක වන බහුදින යාත‍්‍රා නිෂ්පාදනය කිරීම තුළින් ඉන්ධන පිරිවැය අඩු කර ගැනීමටත්, මුහුද මැද දී ධීවරයන්ගේ ආරක්ෂාව තහවුරු කර ගැනීමටත් හේතුවන නිසා මේ ආකාරයේ බහුදින යාත‍්‍රා සී-නෝර් ආයතනය මඟින් නිෂ්පාදනය කර අපේ ධීවරයන්ට ලබාදීමට බලාපොරොත්තු වන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

     

    සීමාසහිත සී-නෝර් පදනම මඟින් මේ ආකාරයේ යන්ත‍්‍රානුසාරයෙන් හා රුවල් මඟින් ක‍්‍රියාත්මක වන සසිමි නමින් නිෂ්පාදනය කළ පළමු යාත‍්‍රාව පසුගියදා සෝමාලියානු දේශයට අපනයනය කරනු ලැබීය. මෙම ධීවර යාත‍්‍රාවේ දිග අඩි 45කි. මේ යාත‍්‍රාව රුවල් මඟින් සුළං හා යාන්ත‍්‍රික එන්ජින් බලයෙන් ක‍්‍රියාත්මන වන නිසා මහ මුහුද මැදදී රුවල් යොදා ධාවනය කළ හැකියි. මේ නිසා යාත‍්‍රාවේ ඉන්ධන පිරිවැය ද විශාල ප‍්‍රමාණයකින් පිරිමසා ගත හැකි අතර පැයට නාවික සැතපුම් 10-12ක පමණ වේගයකින් ගමන් කළ හැකිවීම ද මෙහි විශේෂත්වයකි. මේ යාත‍්‍රාව ඉහළ ස්ථායිතාවකින් යුක්තවීම ද සුවිශේෂී වන අතර සයුරේදී කිසිදු අවදානමකින් තොරව ගමන් කළ හැකිවීම ද තවත් විශේෂත්වයකි. මෙම යාත‍්‍රාව සෝමාලියානු දේශයේ නෙඩිසම් ෆවුන්ඩේෂන් ආයතනයට අලෙවි කරනු ලැබුවේ රුපියල් මිලියන 14.5ක් හෙවත් රුපියල් ලක්ෂ 145කටය. මේ වන විට සෝමාලියානු දේශයේ තවත් පෞද්ගලික
    ගැනුම්කරුවෙකුගෙන් මෙවැනි බහුදින යාත‍්‍රා 04ක් සඳහා ඇනවුම් ලැබී ඇති බවත් මෙවැනි ද්විත්ව කාර්ය බහුදින යාත‍්‍රා ශ‍්‍රී ලාංකීය ධීවර කාර්මිකයන්ට ලබාදීම ද අමාත්‍යවරයාගේ බලාපොරොත්තුව බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

     

    මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මෙසේද පැවසිය. "සී-නෝර් ආයතනය මඟින් නිෂ්පාදිත සසිමි බහුදින ධීවර යාත‍්‍රා මඟින් ඉන්ධන පිරිවැය අඩුකර ගැනීමටත්, ධීවරයන් අනතුරට පත්වීම අවම කර ගැනීමටත් හැකි වේ. මෙවැනි ම ඇනවුම් සෝමාලියානු රටෙන් තවත් ඇති අතර සීෂෙල්ස් රටෙනුත් ඇනවුම් ලබා දෙන්න තීරණය කර තියෙනවා.


    2010 දී සියලුම තහනම් ආම්පන්න, තහනම් කළා. ඒවා තමයි බොටම් ටේ‍්‍රලින්, ලයිට් කෝස්, ඩයිනමයිට්, ලයිලා, සුරුක්කු දැල් තහනම් කළා. කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තංගුස් දැල ආනයනයත් තහනම් කළා. ජනාධිපතිතුමාවත් ආරක්ෂක ලේකම්තුමාවත් මේ නීති විරෝධී ආම්පන්න අත්අඩංගුවට ගන්නවාට කවදාවත් විරුද්ධ වෙන්නේ නැහැ. නීති විරෝධී දේවල් වැටලීම් කරලා, නෛතික ක‍්‍රියාමාර්ග අරගෙන නැවැත්විය යුතුයි."


    මේ අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ඩී.එම්.ආර්.බී. දිසානායක, සී-නෝර් පදනමේ සභාපති සරත් කුමාර ද සිල්වා, කළමනාකාර අධ්‍යක්ෂ උජිත් අනුරාධ, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපති උපාලි ලියනගේ, ලංකා ධීවර සංස්ථාවේ සභාපති මහිල් සේනාරත්න යන මහත්වරු ද සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya