අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මරිච්චිකට්ටි ඉඩම් ප්‍රශ්නයට අධිකරණය දෙන තීන්දුව පිළිගන්නවා

    අප්‍රේල් 23, 2014
    මන්නාරම මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මරිච්චිකට්ටි ප්‍රදේශයේ පවුල් 73ක් නැවත පදිංචි කිරීමේ ප්‍රශ්නයට අධිකරණයෙන් ලැබෙන තීන්දුවට අනුව කටයුතු කිරීමට සූදානම් බවත් එම ස්ථාන වෙනුවට ලැබෙන වෙනත් විකල්ප ඉඩමක පදිංචිවීමට ජනතාව කැමති බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ විල්පත්තු අභයභූමිය තුළ ඉදිකර ඇතැයි පවසන අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වෙමිනි.
     
    විල්පත්තු උද්‍යානයට අයත් ඉඩම් කොටස් මුස්ලිම් ජනතාව උදුරාගෙන නොමැති බවත් පවුල් 73ක් නැවත පදිංචි කර ඇති ප්‍රදේශය ජාතික උද්‍යානය සතු බවට බොදු බල සේනා සංවිධානය විසින් ප්‍රකාශ කරනු ලැබූවද එම ඉඩම් නැවත පදිංචි කළ ජනතාවට අයත් බව එම ජනතාව පවසති.
     
    මෙම ප්‍රශ්නයට පැහැදිලි විසඳුමක් ලබාදෙන ලෙස එම ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. දැනට මෙම ප්‍රශ්නය අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර ඉක්මන් විසඳුමක් බලාපොරොත්තු වේ.
     
    මේ සියල්ල විසඳිය යුත්තේ අධිකරණය මගින් බව පෙන්වා දෙන අමාත්‍යවරයා 1990 වසරේ තමන්ගේ නිජභූමිවලින් ඉවත්කරන ලද මුස්ලිම් ජනතාව දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වූ බවත් පෙන්වා දුන්නේය. කොටි ත්‍රස්තවාදීන්ගේ ඒකීය රාජ්‍ය ඉල්ලීමට සහය නොදුන් නිසා ඔවුන් එසේ පලවාහැරීමට කටයුතු කළ බවත් අමාත්‍යවරයා පැවසීය.
     
    මරිච්චි කට්ටි ප්‍රදේශයේ පිහිටා ඇති ජාසිම් නිවාස යෝජනා ක්‍රමය සඳහා මුදල් ආධාර විදේශ රටවල රාජ්‍ය නොවන සංවිධාන මගින් ලබා දුන් බව පෙන්වා දෙන අමාත්‍යවරයා ඉන්දියාව, ඇමෙරිකාව, නෝර්වේ ඇතුළු යුරෝපීය රටවල් ලබා දුන් ආධාරවලින් උතුරු නැගෙනහිර ප්‍රදේශවල ද්‍රවිඩ හා සිංහල ජනතාව නිවාස සාදා දුන් බවත් පෙන්වා දුන්නේය.
     
    කටාර් රාජ්‍යයේ රාජ්‍ය නොවන ආයතනයක් විසින් ලබාදුන් ආධාරවලින් ජාසිම් නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කොට ඇත. එම මුදල් ජනාධිපති ලේකම් කාර්යාලයේ අනුමැතිය හා ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන නීතිරීතිවලට අනුව මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කොට ඇත. 
     
    රටට සාමය උදාවීමත් සමග නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ බොහෝ ගම්මානයන්හි ජනතාවට ඉඩම් හිමිවූ අතර පදිංචිය සඳහා වෙනත් විකල්ප ස්ථානයක් හිමි නොවූ මෙම පිරිස් නැවත තම ගම්බිම් කරා පැමිණ මෙසේ පදිංචි වී සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya