අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමේ අයදුම්පත් අද සිට

    අප්‍රේල් 23, 2014

    විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමේ අයදුම්පත් කැඳවීම අද (23) සිට සිදු කෙරේ.මේ සඳහා අදාළ අයදුම්පත සහිත ප්‍රවේශ අත්පොත නිකුත් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව මගින් කටයුතු යොදා ඇත.

    ඒ අනුව 2013 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර (උපෙළ) විභාගයෙන් සමත්ව විශ්වවිද්‍යාල සුදුසුකම් ලැබූ සිසුන්ට එම අයදුම්පත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවෙන් හෝ කොමිසම් සභාව අනුමත කර ඇති පොත් අලෙවි සැල් මගින් ඉදිරියේදී ලබා ගැනීමේ පහසුකම් සැලසේ. අද (23) පුවත්පත් මගින්ද අයදුම්පත් ප්‍රකාශයට පත් කෙරේ.

    ඒ අනුව ලබන සැප්තැම්බර් මස සිට දිවයිනේ සියලු ම විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමට පියවර ගෙන ඇත. අයදුම්කරුවන්ගේ අයදුම්පත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවට ලැබීමෙන් අනතුරුව විශ්වවිද්‍යාලවලට බඳවා ගනු ලබන සිසුන් සංඛ්‍යාව තීරණය කෙරෙනු ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව පවසයි.

    විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමේ අයදුම්පත් කැඳවීම ලබන මස 19 වන දින අවසන් වේ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya