අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකන් FlySmiles වෙතින් පාරිභෝගික සේවා රැසක්

    අප්‍රේල් 22, 2014

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ නිරන්තර පියාසරකරන්නන්ගේ වැඩසටහන වන ෆ්ලයිස්මයිල්ස් (FlySmiles) දිවයිනේ සුන්දරම නිවාඩු නිකේතනයක් මෙන්ම සම්භාහන මධ්‍යස්ථානයක් වන එයිට්කන් ස්පෙන්ස් (Aitken Spence) සමඟ ඒකාබද්ධ වී පාරිභෝගිකයන්ට විශේෂිත අවස්ථා රැසක් උදා කර දීමට කටයුතු යොදා තිබේ.

    ඒ අනුව ශ්‍රීලංකන් ගුවන් සමාගම සමඟ ගුවන් සංචාරයේ යෙදෙමින් ලබා ගන්නා මයිල්ස් (Miles) සුන්දර නිවාඩු නිකේතනයකදී විශේෂිත මෙන්ම පහසුදායී වට්ටමක් ලෙස භාවිත කිරීමේ අවස්ථාව ඔබට  උදාවනු ඇත.එනම් ෆ්ලයිස්මයිල්ස් හා සම්බන්ධ වී සිටින ශ්‍රීලංකන් ගුවන් සමාගමේ පාරිභෝගිකයන්ට එයිට්කන් ස්පෙන්ස් හෝටල් සමුහයට අයත් හෙරිටන්ස් අහුන්ගල්ල, හෙරිටන්ස් කන්ඩලම, හෙරිටන්ස් ටී ෆැක්ට්‍රි සහ හෙරිටන්ස් ආයුර්වේද මහගෙදර යන නිකේතනවල එක් රැයක් ගත කිරීමෙන් මයිල්ස් 200ක් හිමිකර ගැනීමේ අවස්ථාව සැලසේ. අර්ල්ස් රීජන්සි, ද සෑන්ඩ්ස්, හොටෙල් හිල්ටොප් සහ බණ්ඩාරවෙල හොටෙල් හීදී ගත කරන රාත්‍රියකදී මයිල්ස් 100ක් හිමිකර ගැනීමට සඳහා දඅවස්ථාව උදා වනු ඇත.

    එයිට්කන්ස්පෙන්ස් හි අලෙවි හා විකුණුම් උප සභාපති අල්තාෆ් මෙහොමඩ් අලී මහතා සඳහන් කළේ ශ්‍රීලංකන් ගුවන් සමාගම සමඟ අත්වැල් බැඳ ගැනීම සම්බන්ධයෙන් අතිශය සතුටට පත්වන බවයි.එසේම සිය නවාතැන්වලට පැමිණෙන ෆ්ලයි ස්මයිල්ස් ආගන්තුකයින්ට මයිල්ස් උපයා ගැනීමට සහ ඒවා මුදා හැරීමටත් අවස්ථාව උදා වී ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය. ශ්‍රීලංකන් ගුවන් සමාගම සහ සිය ආයතනය අතර ඇති කරගත් සම්බන්ධතාව හේතුවෙන් ආයතන දෙකෙහිම සේවා ලාභීන්ට විශාල ප්‍රතිලාභ හා දීමනා රැසක් ලබාගැනීමට අවස්ථාව උදා වූ බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.



    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ වාණිජ අංශ ප්‍රධානී මෙහොමඩ් ෆසීල් මහතා සඳහන් කළේ ශ්‍රීලංකාවේ ජාතික ගුවන් සේවය සැමවිටම  නිරන්තර පියාසර කරන්නන්ට  ප්‍රතිලාභ හා දීමනා ලබාදීමට කටයුතු  කරන බවයි. ආගන්තුක සත්කාර හා උසස් තත්ත්වයේ සේවාවක් ලබාදෙන දිවයිනේ ප්‍රමුඛතම සංචාරක නිකේතනයක් සමඟ එක්වීම හරහා නිරන්තර පියාසර කරන්නන් හට මයිල්ස් හිමිකර ගැනීමට සහ වරප්‍රසාද අත්වීඳීමට අවස්ථාව උදා වූ බවද හෙතෙම සඳහන් කළේය.

    මැයි මස (01) වෙනි දි සිට ශ්‍රීලංකන් ගුවන් සමාගම වන් වර්ල්ඩ් ගෝලීය සන්ධානය (one world Global Alliance) හා එක්වන බවත්,  ඒ හරහා ජාත්‍යන්තර ගුවන් සේවා 13ක් සමඟ පියාසර කිරීමේ හැකියාවද  එමගින් මයිල්ස් (Miles)  ලබාගැනීමේ අවස්ථාවද ඔවුනට හිමිවන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

    මෙම නව සම්බන්ධතාව හරහා ෆ්ලයිස් මයිල්ස් සාමාජිකයන් හට රුපියල් 1000/- 5000/- සහ 10000/- වටිනා දීමනා ලබාගැනීමට ද හැකියාව පවතී. ඒවා භාවිත කර එයිට්කන්ස්පෙන්ස්  හෝටලයෙහි වැයවන සම්පූර්ණ  මුදල හෝ අඩක් ගෙවා දැමීමට ද අවස්ථාව සැලසේ. තවද ෆ්ලයිස්මයිල්ස් සාමාජිකයන් සිය මයිල්ස් භාවිත කරන්නේ නම් ඒ පිළිබඳව නිකේතනයට ඇතුල්වන අවස්ථාවේදී දැනුම් දිය යුතු අතර වැඩිදුර තොරතුරු ෆ්ලයිස්මයිල්ස් මධ්‍යස්ථානයේ 01197333333 දූරකතන අංකයෙන් ලබාගත හැකිය.

    එයිට්කන්ස්පෙන්ස්  හෝටල් සමූහයට අයත් හෝටල් 24ක් දිවයින පුරා ස්ථාපිත කර ඇති අතර, ඊට අමතරව මාලදිවයින්, ඉන්දියාව සහ ඕමාන් රාජ්‍යය දක්වාද ඔවුන්ගේ සේවාවන් ව්‍යාප්තව පවතී. වසර ගණනාවක සිට දිවයිනේ හෝටල් ක්ෂේත්‍රයේ නමක් දිනාගෙන ඇති එයිට්කන්ස්පෙන්ස්  අත්දැකීම් බහුල සහ විශිෂ්ට කළමනාකාරීත්වයකින් හෙබි ආයතනයකි. එසේම සංචාරකයින් නිරන්තරයෙන් ගැවසෙන ස්ථාන වල එයිට්කන්ස්පෙන්ස්  නිකේතන පිහිටා ඇති හෙයින් ඒ ඒ පරිසරයට උචිත විවිධ මෝස්තර හා ආකර්ෂණිය දර්ශණ තල වලින් හෝටල් සංකීර්ණ සමන්විත වේ.

    එසේම මැයි මස (01) වෙනි දා සිට ෆ්ලයිස්මයිල්ස් වැඩසටහන සඳහා ප්ලැටිනම් සහ ක්ලැසික් ලෙස නව ස්ථර  දෙකක් එකතුවන අතර ඒ අනුව බ්ලූ, ක්ලැසික්, සිල්වර්, ගෝල්ඩ් සහ ඉහළම ස්ථරය ලෙස ප්ලැටිනම් එකතුවනු ඇත. ෆ්ලයිස්මයිල්ස් සාමාජික කාඩ්පත් හිමියන්ට වන් වර්ල්ඩ් සන්ධානය යටතේ එමරල්ඩ් තත්ත්වයද, ෆ්ලයිස්මයිල්ස් ගෝල්ඩ් සාමාජිකයන් වන්වර්ල්ඩ් Sapphari සාමාජිකත්වයද ෆ්ලයිස්මයිල්ස් ක්ලැසික් සාමාජිකයින්ට රූබි (Rube) සාමාජිකත්වයද ලබාගැනීමට අවස්ථාව සැලසේ. මෙහිදී ෆ්ලයිස්මයිල්ස් ක්ලබ් සඳහා ප්ලැටිනම් ගෝල්ඩ් සහ ක්ලැසික් ස්ථර අයත්වනු ඇත. මෙහි ඉහළම ස්ථරවල සිටින සාමාජිකයින් හට වන්වර්ල්ඩ් ගෝලීය සන්ධානය තුළ විශාල ප්‍රතිලාභ හා දීමනා අත්විඳීමට අවස්ථාව උදා වේ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya