අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතළොස්සක වැරදි නිලධාරි පැලැන්තියටම හානියක්

    අප්‍රේල් 22, 2014
    ග්‍රාම නිලධාරි අතළොස්සක් කරන වැරදි ක්‍රියා හේතුවෙන් සමස්ත ග්‍රාම නිලධාරි පැලැන්තියටම හානියක් සිදුවන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පවසයි. 
     
    ඒ මහතා මෙම අදහස් පළ කළේ දිවයින පුරා ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල පුරප්පාඩුවක්ව පැවති පරිපාලන ග්‍රාම නිලධාරි තනතුරු සඳහා තෝරාගත් පරිපාලන ග්‍රාම නිලධාරින්ට පත්වීම් ලිපි ප්‍රදානයට එක්වෙමිනි. 
     
    රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී අමාත්‍යවරයා අතින් පසුගියදා පත්වීම් ලැබු පිරිස 84 දෙනෙකි.
     
    “පරිපාලන ග්‍රාම නිලධාරින් කියන්නේ මාණ්ඩලික ශ්‍රේණියේ තනතුරක් නිසා ඔබ සැමට විශාල වගකීමක් පැවරෙනවා. මේ පත්වීම් ලබන ඔබ සියලුදෙනාම රාජ්‍ය සේවයේ අත්දැකීම් බහුල අය. තමන් යටතේ සිටින ග්‍රාම නිලධාරින් ගැන විධිමත් අධීක්ෂණයකින් කටයුතු කරන්න. වංචා, දූෂණ, අක්‍රමිකතාවල යෙදෙන ග්‍රාම නිලධාරීන් ගැන ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කිරීමට කටයුතු කරන්න. එහෙම අක්‍රමිකතාවල යෙදෙන අයට විරුද්ධව විනයානුකූලව දැඩි පියවරගන්න අපි උපදෙස් දීලා තියෙනවා. මොකද මොවුන් මෙම තනතුරේ ගරුත්වයට විශාල හානියක්”යැයි ද අමාත්‍යවරයා පැවසීය.   
     
    ග්‍රාම නිලධාරිවරයා රජය නියෝජනය කරන ගමේ රාජ්‍ය නිලධාරියා නිසා තමන්ට නියමිත දිනවල අනිවාර්යයෙන්ම කාර්යාලවල සිටිය යුතු යැයි ද එසේ කාර්යාලවල රැඳී සිටිමින් ජනතාවගේ අවශ්‍යතාවලට ඇහුම්කන්දෙමින් අවශ්‍ය ලියකියවිලි සඳහා අවශ්‍ය අනුමැතීන් ලබාදිය යුතු යැයි ද කී අමාත්‍යවරයා තනතුරේ අභිමානය, ගරුත්වය ආරක්ෂා වන අයුරින් කටයුතු කළ යුතු බවත් පැවසීය.
     
    මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් පී.බී. අබේකෝන් මහතා, අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගී වි සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya