මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මේ රට ගැන විවිධ චිත්‍රයන් ලොවට ගෙන යෑමට මාධ්‍ය මැදිහත් වී තිබෙනවා - මහාචාර්ය ආරියරත්න ඇතුගල Featured

    අප්‍රේල් 22, 2014

    මේ රට පිළිබඳ විවිධ චිත්‍රයන් ලෝකය ඉදිරියේ මවාපෑමට මාධ්‍යයේ මැදිහත්වීමක් ඇති බවත් ඒ සඳහා අපේ මාධ්‍ය සගයන්ගේ ද සහය ලැබී ඇති බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතා පවසයි.


    ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවසුවේ අද (22) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති යුද පුවත් වාර්තාකරණය පිළිබඳ මූලික ජනමාධ්‍ය පාඨමාලාවේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමිනි.

     

    මාධ්‍ය ලෝකය ඉතා සංකීර්ණයි. මාධ්‍ය හදා දී ඇති සංස්කෘතිය තුළ වර්තමාන මිනිසා ජීවත් වේ. මාධ්‍ය බිහිවන්නේ යුද්ධයේ අවශ්‍යතාව වෙනුවෙනි. ඒ අනුව පළමු හා දෙවන ලෝක යුධ සමයේ මාධ්‍යයේ ආරම්භය සිදු විය. ඇතැම් අය යුධවාදී මනසක් ඇති පිරිස, සාමාන්‍ය පුරවැසියා සමඟ ගළපන්න බැහැ කියන මතයේ සිටින බව මහාචාර්යවරයා පැවසීය.

     

    මේ රට ගලවා ගත් තරුණ පුරවැසියන් විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් ඉදිරියට පැමිණ තිබේ. බොහෝ සමාජ ක්‍රියාකාරී තැන්වල ත්‍රිවිධ හමුදාව සිටින අතර විනයක් සහිතව වැඩකරන පිරිසක් ලෙස ඔවුන් හැඳින්විය හැකියි. ඔවුන්ගේ රාජකාරියේ ඇති කාර්යක්ෂම බව අප වටහා ගත යුතුයි. ඔවුන් හොඳ මහජන සම්බන්ධතාවක් සහිත පිරිසක්. නව තේරුම් ගැනීමකට සමාජය


    පරිවර්තනය කළ යුතුව ඇත. විශේෂයෙන් හමුදාවේ අය පුරවැසියන් නොවේය යන්න සාමාන්‍යයෙන් ඇතැමුන්ගේ මතයක් තිබේ. වෙළෙඳපොළ, වගා කටයුතු, නිර්මාණ කටයුතු යනාදියේ ත්‍රිවිධ හමුදාවේ මැදිහත්වීමක් ඇතැයි ද ඔහු සඳහන් කළේය.

     

    බොහෝ අය සිතන්නේ ජනමාධ්‍ය හදාල යුතු දෙයක් නොවන බවයි. මාධ්‍ය සුදුසුකමක් රක්ෂාවක් ලෙස සමහරු සිතයි. ඒ නිසා මාධ්‍ය තුළ විවිධ ගැටලු පවතී. මාධ්‍ය අලෙවි මෙවලමක් වන අතර නූතන පර්යේෂකයන් කියන්නේ මාධ්‍ය මඟින් අමුතු චිත්‍රයක් මවන නිසා මිනිසා හැමවිටම තෘප්තියෙන් සිටින බවයි. මේවා තේරුම් ගෙන ගමන් කිරීමේ හැකියාව නූතන මිනිසා සතුවිය යුතුයි. නව පුරවැසියාට අතීතයට වඩා ලෝකයේ ඇති නව දැනුම නූතන තාක්ෂණය හරහා ගෙන එයි. විශ්මිත සන්නිවේදනය තුළ සමාජය හැදෑරීමකින් තොරව වටහා ගත නොහැකියි. ලාංකීය සමාජය තුළ වේගවත් සංවර්ධනයක් මෙන්ම ආගමික, සමාජිය ගැටලු නිර්මාණය වෙමින් පවතී. මාධ්‍යයට ඕනෑම හොඳ හෝ නරක පුරවැසියෙක් හැදිය හැකියි. මේ තත්ත්වය තුළ මාධ්‍ය හැදෑරීමට කරන කර්තව්‍ය ඉතා වැදගත් බව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය.

     

    ලංකාවේ පළමු වතාවට පැවැත්වෙන මේ වැඩමුළුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා යුද හමුදාව ඒකාබද්ධව ක්‍රියාවට නංවා තිබේ. මේ සඳහා සහභාගි වන හමුදා සමාජිකයන් තෝරා ගෙන ඇත්තේ සම්මුඛ පරීක්ෂණයක් මඟිනි. මේ වැඩමුළුව ශ්‍රී ලංකා යුධ හමුදා ජනමාධ්‍ය අධ්‍යක්ෂ මණ්ඩලය මඟින් සංවිධානය කර ඇත.

     

    මේ වැඩමුළුවේ සමාරම්භක අවස්ථාව අමතා යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය, ශ්‍රී ලංකා යුධ හමුදාවේ ජනමාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහත්වරුන් අදහස් පළකළ අතර ප්‍රවීණ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාස මහතා විසින් මුඛ්‍ය දේශනය පවත්වන ලදී.

     

    NDH/HC

     

    DSC 5958

    DSC 5965


    DSC 5972


    DSC 6003


    DSC 6014

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya