අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙහිවල සත්වෝද්‍යානයේ අලි සෙල්ලම් නවතී

    අප්‍රේල් 22, 2014

    දෙහිවල සත්වෝද්‍යානයේ අලින් තිදෙනෙකුට ක්ෂය රෝගය වැළඳී ඇතැයි පවතින සැකයක් මත තාවකාලිකව ඊයේ (21) සිට එහි අලි නැටුම් සංදර්ශන නවතා දමා ඇතැයි සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.

    දැනට එහි අලි ඇතුන් (08) දෙනෙකු ඇති අතර, ඉන් තුන්දෙනෙකුට රෝගය වැළඳී ඇතැයි අනුමාන කෙරේ. එම සතුන්ගේ නඩත්තු කටයුතු සිදුකරනු ලබන සේවකයින්ද මේ වන විට වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවත්, ඔවුන්ට රෝගය වැළඳී ඇති බවට තොරතුරු මෙතෙක් ලැබී නොමැති බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

    දිනකට දෙහිවල සත්වෝද්‍යානයට අලි නැටුම් නැරඹීමට විශාල පිරිසක් පැමිණෙන හෙයින් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් අලි නැටුම් තාවකාලිකව මෙසේ අත්හිටුවා ඇත.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya