මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙවර සමුළුව ගෝලීය තරුණයාට නැවුම් අත්දැකීම්, බලාපොරොත්තු එක්කරාවි

    අප්‍රේල් 22, 2014
    එළැඹෙන මැයි 06 වැනිදා සිට 09 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන ලෝක තරුණ සමුළුව ගෝලීය තරුණ තරුණියන්ට නැවුම් අත්දැකීම් හා බලාපොරොත්තු එක් කරන්නක් බව යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පෙන්වා දෙයි.
     
    අමාත්‍යවරයා මේ බව පෙන්වාදුන්නේ ඊයේ (21) මාගම් රුහුණුපුර අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වෙමිනි.
     
    ලෝක තරුණ සමුළුව අවසානයේ දී එළිදක්වනු ලබන කොළඹ ප්‍රකාශය 2014 වසරේ සිට දශක කිහිපයක් ලොව තරුණ තරුණියන්ට මග කියන ලියවිල්ලක් වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා යෞවන සිතියමේ ශ්‍රී ලංකාව අමරණීය සටහනක් තබන බවටද විශ්වාස බවත් පැවසීය.
     
    "ශ්‍රී ලංකාවේ පමණක් නො ව ආසියාවේ පළමු වරට මවන් අන්තර්ජාතික තරුණ සමුළුක් පැවැත්වීමට ලැබීම ශ්‍රී ලංකාව ලැබූ විශාල ජයග්‍රහණයකි. රටවල් 106ක තරුණ නියෝජිත පිරිස් මෙන්ම රටවල් 27කට අයත් තරුණ කටයුතු අමාත්‍යවරුන් මේ සඳහා සහභාගිවන බව තහවුරු කොට ඇත. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල නියෝජිතයින් රැසක් ද පැමිණීම සහතික කොට ඇත". 
     
    හම්බන්තොට නගරය තරුණයන්ගේ නගරයක් ලෙසින් ප්‍රතිනිර්මාණය කිරීමේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් අනුව හම්බන්තොට නගරය තරුණ නගරයක් ප්‍රතිනිර්මාණය කිරීමට කටයුතු කළ බවත් ඒ අනුව ආසියාවේ පළමු වරට පවත්වනු ලබන ජාත්‍යන්තර තරුණ සමුළුව කැඳවාගෙන එන්නට තීරණය කළ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     
    ලෝක තරුණ සමුළුවේ සමාරම්භක උත්සවය මැයි 06 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මාගම් රුහුණුපුර අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වේ. මේ සම්බන්ධයෙන් වන මූලික සාකච්ඡාවක්ද ඊයේ පස්වරුවේ දී යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේ දී පැවැත්විණි. මේ සඳහා ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ ලේකම් චරිත හේරත් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු විශාල පිරිසක් එක්ව සිටියහ. 
     
    2013 නොවැම්බර් මාසයේ දී පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය තරුණ සමුළුවෙන් අනතුරුව මාගම් රුහුණුපුර අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වෙන දෙවන අන්තර් ජාතික සමුළුවද මෙය වේ.
     
    DB
     
    DSC 5863
     
     
     
    DSC 6023
     
     
     
    DSC 6041

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya