අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටවල් 103ක් අන්තර්ජාතික තරුණ සමුළුවට සහභාගිවන බව සනාථ කරයි

    අප්‍රේල් 22, 2014
    එළැඹෙන මැයි මාසයේ දී ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත අන්තර් ජාතික තරුණ සමුළුවට සහභාගිවන බවට රටවල් 103කට වැඩි ප්‍රමාණයක් සනාථ කර ඇත.
     
    එම සහභාගිවන පිරිස අතර අමාත්‍යවරුන් 40කට වැඩි දෙනෙක්ද, උසස් රාජ්‍ය නිලධාරීන් ද, රටවල් 103ක ජාතික තරුණ සංගම් නියෝජිතයින්ද වෙනත් සිවිල් සමාජ නියෝජනය කරන තරුණ නියෝජිතයින් 350කට වැඩි පිරිසක් ද වෙති.
     
    එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේ සභාපති ආචාර්ය ජෝන් විලියම් ඇෂේ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ තරුණ කටයුතු සඳහා වන විශේෂ නියෝජිත අහමඩ් අල් හෙන්දාවි සහ තවත් එක්සත් ජාතීන්ගේ නියෝජිත සංවිධානවල ප්‍රධානීන්ද මෙම සමුළුවට සහභාගි වන බව දන්වා ඇත.
     
    අන්තර්ජාතික තරුණ සමුළුව කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මේලන ශාලාවේදී 2014 මැයි මස 06 වෙනිදා සිට 09 වෙනිදා සිට දක්වා පැවැත්වීමට නියමිතය. මෙම සමුළුවේ සමාරම්භක උත්සවය හම්බන්තොට පිහිටි රුහුණු මාගම්පුර ජාත්‍යන්තර සම්මේලන ශාලාවේදී මැයි 06 වන දින ආරම්භ කෙරේ. මෙම සමුළුවේ තේමාව “පශ්චාත් 2015 සංවර්ධන ක්‍රියාවලිය සඳහා තරුණ ජවය පෙරමුණු ගැන්වීම” යන්නයි.
     
    මෙම සමුළුවට 1500 ‍දෙනෙකු සහභාගිවීමට නියමිත අතර ඉන් අඩක්ම වයස අවුරුදු 18 – 29 දක්වා වූ තරුණ තරුණියන් වේ. ඉන් 350 දෙනෙක් සංවර්ධනය වෙමින් පවතින රටවල් නියෝජනය කරති. මේ නිසා මෙම සමුළුව ජාත්‍යන්තර මට්ටමේ ඉතාම සාරවත් තරුණ නියෝජනයකින් සමන්විත වනු ඇත. 
     
    DB/PUB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya