අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුරෝපීය ගෘහස්ථ සාත්තු සේවිකා රැකියා ඇබෑර්තු රැසක්

    අප්‍රේල් 22, 2014
    යුරෝපීය රටවල ගෘහස්ථ සාත්තු සේවිකා රැකියා සඳහා ඇබෑර්තු රැසක් ලැබී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. 
     
    විදේශ ගෘහ සේවයේ පළපුරුදු කාන්තාවන් සඳහා වැඩි ප්‍රමුඛතාවක් ලබාදෙන අතර 
    වයස අවුරුදු 25ත් 45ත් අතර කාන්තාවන් සඳහා මෙම රැකියා ඇබෑර්තුවලට ඉල්ලුම් කළ හැකි බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
     
    ඒ පිළිබඳ වැඩි විස්තර 0773 148 927 , 0773 983 536 සහ 0775 489 506 යන දූරකතන අංකවලට ඇමතීමෙන් ලබාගත හැකිය. 
     
    සති තුනක නේවාසික පුහුණුවකින් පසුව භාෂා විභාගය සමත් වන කාන්තාවන් කිසිදු අය කිරීමකින් තොරව විදේශ රැකියා සඳහා යොමුකිරීමට බලාපොරොත්තු වන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya