අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ද්විපාර්ශවික වෙළඳාම ශක්තිමත් කර ගැනීමට කොරියානු සහය

    අප්‍රේල් 22, 2014
    ද්විපාර්ශවික වෙළඳාම ශක්තිමත් කර ගැනීමට ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය ලබාදෙන බව කොරියානු සහතික වන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි. 
     
    කොරියාවේ හිටපු විදේශ අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා අතර ඊයේ (21) පැවැති සාකච්ඡාවකදී මේ බව තහවුරු කොට ඇත. 
     
    දිවයිනට පැමිණ සිටින කොරියාවේ හිටපු විදේශ අමාත්‍ය යූ මියෑං වැන්ග් මහතා විදේශ කටයුතු අමාත්‍යංශයේ දී ඊයේ විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා මුණගැසුණු අතර ඔවුන් දෙරට අතර ආර්ථික කටයුතු පිළිබඳ සමාලෝචනයක නිරත විය.
     
    කොරියාව හා ශ්‍රී ලංකාව අතර ආර්ථික කටයුතු 46%කින් වර්ධනය වී ඇත.  දැනට ශ්‍රී ලංකාවේ ආයෝජනය කර ඇති කොරියානු සමාගම් සංඛ්‍යාව 116කි. ඉදිරියේ දී වැඩි ආයෝජන අවස්ථා ඇති කරගැනීමට කොරියානු රජය අපේක්ෂා කෙරේ. 
     
    දෙරට අතර ඍජු ගුවන් සේවා ක්‍රියාත්මක කිරීමෙන් සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයක් ඇති වී ඇත. ශ්‍රී ලංකාවේ 
    තාක්ෂණික හා ද්විතීයක අධ්‍යාපනය ඉහළ නැංවීම සඳහා ආධාර ලබාදීම කෙරෙහි ද අවධානය යොමු වී ඇතැයි ද මෙහිදී අනාවරණය වී ඇත. 
     
    ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාවට කොරියානු රැකියා අවස්ථා ලබාදීම සම්බන්ධයෙන් මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙහිදී කොරියානු විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත සිය ප්‍රසාදය පළ කළේය.
     
    කොරියා ශ්‍රී ලංකා පරිසරික සහයෝගිතා සංසදය ඇති කිරීම ඇතුළු තවත් කරුණු ගණනාවක් සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු ව තිබේ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya