මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක මිහිතල දිනය අද

    අප්‍රේල් 22, 2014
     
    ලෝක මිහිතල දිනය අදට (22) යෙදී ඇත. ‘හරිත නගර’ මෙවර ලෝක මිහිතල දින තේමාව වේ. එය සැමරීම සඳහා ලොව පුරා විවිධ වැඩසටහන් හා උත්සව සංවිධාන කර තිබේ. 
     
    ලෝක මිහිතල දිනය සැමරීම සඳහා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය ප්‍රමුඛ ජාතික විද්‍යා පදනම විසින් විශේෂ වැඩසටහනක් සංවිධාන කොට තිබේ.
     
    එම උත්සවය අද පෙ.ව. 8.30ට ජාතික විද්‍යා පදනම් ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
     
    විෂයානුබද්ධ විද්වත් දේශන, මිහිතල දිනය හා සම්බන්ධව නිර්මාණය කෙරුණු වීඩියෝ පට ප්‍රදර්ශනය, පැන විසඳුම් හා විවිධ ප්‍රසංගයක් ඇතුළු විශේෂාංග ගණනාවක් එක්කොට ඇත.
     
    තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ වැඩසටහන සඳහා විද්‍යාඥයන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ගුරුවරුන් හා පාසල් ළමුන් රැසක් සහභාගී වේ.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya