අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජලය සංරක්ෂණයට මුල්තැන දෙන ජාතික වැඩපිළිවෙළක් අත්‍යවශ්‍යයි Featured

    අප්‍රේල් 22, 2014

    රටට දැන් අවශ්‍ය වන්නේ වරාය, ගුවන්තොට, අධිවේගී මාර්ගවලට වඩා ජලය සංරක්ෂණයට මුල්තැන දෙන ජාතික වැඩපිළිවෙළක් යැයි අද (22) ජාතික විද්‍යා පදනමේ පැවති ලෝක මිහිකත දිනය සැමරීමේ උත්සවය සඳහා එක් වූ අමාත්‍ය චම්පික රණවක මහතා සඳහන් කර සිටියේ ය.


    නිකුත් වී ඇති විද්වත් (IPCC) වාර්තාව අනුව ගෝලීය උණුසුම 20ක‍ වැඩිවීම වැළැක්විය නොහැකි තත්ත්වයක් වෙමින් පවතින බවත්, 2030ට පෙර ඉන්ධන භාවිතය අඩු තරමින් 35%කින් වත් කප්පාදු නොකළහොත් නියඟය, ගංවතුර, සාගර ජලය ආම්ලිකවීම, සාගර ජලය ගොඩබිමට ගැලීම, සුළිකුණාටු, කොරල්පර හා ජීවීන් වඳවීම ඇතුළු භයානක පරිසර විනාශයන් සිදුවීමට නියමිත බව විද්වතුන් ප්‍රකාශ කර ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මෙවර මිහිකත දිනයේ තේමාව ''තිරසර නගර ගොඩනැංවීම''  වුවත්, ඉදිරි දශකයේ මාරකය වන්නේ ඉන්ධන නො ව ජලය බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. කෘෂි රසායන හා කර්මාන්ත අපද්‍රව්‍ය මගින් ජලය දූෂණය වීම, මෝසම් වැසි අවුල්වීම, නියඟය හා ගංවතුර ඇතිවීම ආදිය නිසා බීමට ජලය, ගොවිතැනට ජලය හා බලශක්තියට ජලය අර්බුදයක් වනු ඇති බවත්, සාගර ජලය රට තුළට පැමිණීමෙන් සාගර ජලයේ ආම්ලිකතාව වැඩිවීම නිසා සාගර සත්ත්වයන් හා කොරල් මරණයට පත්වීමෙන් අර්බුදයක් පැන නගින බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


    ලෝක මිහිකත දිනය අප්‍රේල් 22 වන දිනට යෙදී තිබෙන අතර සෑම වසරකම මිහිකත දිනය සමරමින් ලොව පුරා විවිධ උත්සව හා වැඩසටහන් පවත්වනු ලැබේ. වර්ෂ 1970 දී ප්‍රථම වරට මිහිකත දිනය සමරනු ලැබුවේ එක්සත් ජනපදයේය. එය සංවිධාන කරනු ලැබුවේ තරුණ ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු වූ ඩෙනිස් හේස් විසිනි. එවකට එක්සත් ජනපදයේ සෙනෙට් මන්ත්‍රීවරයෙකු වූ (විස්කොන්සින්) ගේලෝඩ් නෙල්සන් හා පීට් මැක්ලොස්කි (කොංග්‍රස් මන්ත්‍රී) විසින් ඒ සඳහා පිටුබලය ලබා දෙන ලදී.


    එක්සත් ජනපදයේ බටහිර වෙරළේ සිට නැගෙනහිර වෙරළට මිලියන 20ක් පමණ ජනයා එක් රොක් වී ජලය හා වායුව දූෂණය වීම, ජීවීන් වඳවී යෑම පිළිබඳව, තෙල් කාන්දුවීම්වලට, දූෂිත කර්මාන්තශාලාවලට, දූෂිත විදුලිබලාගාරවලට, කැළි කසල කඳුවලට, කෘෂි රසායනිකවලට හා පරිසර පද්ධති වනසන අධිවේගී මාර්ගවලට සිය විරෝධය පළ කළහ.


    1970 වර්ෂයේ පළමු මිහිකත දිනය සැමරීම එක්සත් ජනපදයේ සිදු කළ අතර, අනතුරුව එළැඹි සෑම වර්ෂයකම මිහිකත දිනය ලෝකය පුරා සමරනු ලැබීය. 44 වන ලෝක මිහිතල දිනය මෙවර යෙදී තිබෙන අතර, එය සැමරීම සඳහා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ සංකල්පයක් මත විශේෂ වැඩසටහනක් ජාතික විද්‍යා පදනම විසින් සංවිධාන කරනු ලැබීය.


    තවදුරටත් උළෙල අමතමින් අමාත්‍යවරයා මෙසේ ද පැවසීය. ලෝකයේ එක්තරා කාලයක කාර්මීකරණයට, දියුණුව සංවර්ධනය යැයි හඳුනාගන්නාදේට මනුෂ්‍ය ජීවිත විශ්මය ජනක ලෙස වෙනස් කරන්න පුළුවන් යැයි විශ්වාසයක් පැවතිණ. පළමු යුරෝපා යුද්ධයෙන් හා දෙවන බටහිර ලෝක යුද්ධයෙන් විද්‍යාවේ තාක්ෂණයේ, රසායනික ක්ෂේත්‍රයේ, පණිවිඩ සන්නිවේදන ක්ෂේත්‍රයේ බලශක්ති ක්ෂේත්‍රයේ විශාල පිම්මක් ඇති විය. මෙම දියුණුව හා සංවර්ධනය හඹා යාම අපේ රටවලත් ප්‍රධාන විශ්වාසය විය. මෙම කඩිනම් සංවර්ධනය හා දියුණුව හඹායාමෙන් අද ලොව බොහෝ රටවලට විවිධ ප්‍රශ්නවලට මුහුණ සිදුව තිබේ. එහි ප්‍රතිවිපාක අද මානව වර්ගයාගේ පැවැත්මට ප්‍රබල අභියෝගයක් වී තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. මතුවී තිඛෙන ගැටලු පිළිබඳව විද්‍යාඥයන් මගින් රජය දැනුවත් කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය දැනුම ලබාදීමටත් සංවර්ධනයේ, විද්‍යාවේ, අනාගත ප්‍රමුඛතාවන් මොනවාද යන්නත් රටට පෙන්වාදීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා වැඩි දුරටත් අවධාරණය කර සිටියේය.


    මිහිකත දිනය සැමරීමේ උත්සවය සඳහා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ ලේකම් ධාරා විජයතිලක, ජාතික විද්‍යා පදනමේ සභාපති මහාචාර්ය ඩබ්.එල්. සුමතිපාල, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති මහාචාර්ය ඕ.කේ. දිසානායක, පරිසර හා පුනර්ජනනනීය බලශක්ති අමාත්‍යාංශයේ හා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙන්ම තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ හා අනුබද්ධ ආයතනවල නිලධාරීන්, ගුරුවරුන් හා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ රැසක් සහභාගී වූහ.
     

    HC

    earth day celebration Sri Lanka

    earth day celebration Sri Lanka 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya