අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාකිස්තානු ආරක්ෂක සරසවියේ නියෝජිත පිරිසක් අද දිවයිනට

    අප්‍රේල් 21, 2014

    මේජර් ජනරාල් නොයෙල් ඉස්රායෙල් කොබාර් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පාකිස්තානු ආරක්ෂක සරසවියේ 21 දෙනෙකුගෙන් සමන්විත නියෝජිත පිරිසක් සතියක සංචාරයක් සඳහා අද (21) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.


    මෙරට ආරක්ෂක, ආර්ථික, දේශීය හා විදේශීය ප්‍රතිපත්තීන් පිළිබඳව අධ්‍යයනය කිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වී ඇතැයි පකිස්තානු මහ කොමසාරිස් කාර්යාලය මේ සංචාරය ගැන වැඩිදුර තොරතුරු පවසයි.

     

    ශ්‍රී ලංකාවේ සිටින පාකිස්තානු ආරක්ෂක උපදේශක කර්නල් ෂිහාර්යා පර්වේස් බට් මහතා විසින් මේ නියෝජිත පිරිස මෙහෙයවනු ඇත. මේ නියෝජිත පිරිසට පකිස්තානු හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සිවිල් සේවා නිලධාරීන් හා පාකිස්තානු ආරක්ෂක සරසවියේ හමුදා පාඨමාලා හදාරන තුර්කි හා බංගලාදේශ නිලධාරීන් කීපදෙනෙකුද සහභාගී වෙති.

     

    මේ පාකිස්තානු ආරක්ෂක නියෝජිත කණ්ඩායම සිය සංචාරය අතරතුරදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ක්ෂේනුකා සෙනෙවිරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ජගත් ජයසූරිය යන මහත්ම මහත්මීන්ද ත්‍රිවිධ හමුදාපතිවරුන් මෙන්ම මහ බැංකු නියෝජිතයන්ද හමුවී සාකච්ඡා කිරීමටත් යාපනය, මහනුවර සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශයන්හි සංචාරය කිරීමටත් නියමිත බව ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

     

    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya