මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුහුණුවීම්වලින් පසු යුද හමුදා පොදුසේවා බලකා වෘත්තීයවේදීන් ක්‍රියාකාරී සේවයේ Featured

    ඔක්තෝබර් 15, 2014

    ශ්‍රී ලංකා යුද හමුදා පොදුසේවා බලකාය වෙත අලුතින් බඳවාගත් වෘත්තීයවේදීන් 275 දෙනෙකු 24 වැනි ශ්‍රී ලංකා පාබල හමුදා පුහුණු පාසල සහ 2 වන විජයබාහු පාබල රෙජිමේන්තු පුහුණු පාසල මඟින් මාස 03කට ආසන්න කාලයක් හමුදා පුහුණුව ලබා ක්‍රියාකාරී සේවය සඳහා වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය සමඟ එක් වූහ.


    213 බලසේනාවේ බලසේනාධිපති කර්නල් එච්.එම්.ඩබ්.පී. හේරත් සහ වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී කර්නල් එල්.එෆ්. කස්තුරිආරච්චි මහතා මෙහි ආරම්භක දේශන පැවැත්වූහ.

    වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සිටින සිංහල, දෙමළ හා මුස්ලිම් ජනවර්ග නියෝජනය කළ භට පිරිස් මීට ඇතුළත් වූහ.

    NDH/army media

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya