මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රී ලංකාව මැලේරියා රෝගය තුරන් කළ හැටි අධ්‍යයනට විදේශ විශේෂඥයින් මෙරටට

    ඔක්තෝබර් 15, 2014

    ශ‍්‍රී ලංකාව මැලේරියා රෝගය තුරන් කළ හැටි අධ්‍යයනයට පැමිණි විදේශ විශේෂඥයන් කණ්ඩායම ඊයේ (14) මීගමුවේ ජෙට්වින් හෝටලයේ පැවැති උත්සව අවස්ථාවකදී සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමු වූහ.  


    ශ‍්‍රී ලංකාව මැලේරියා රෝග මර්දනය සඳහා අනුගමනය කළ ක‍්‍රමවේදයන් සෙසු රටවල් හා හුවමාරු කරගැනීමටත්, ඒ පිළිබඳ අධ්‍යයනයක නිරතවීම සඳහාත් රටවල් 17ක් නියෝජනය කරමින් 50කට අධික නියෝජිත පිරිසක් පසුගියදා ශ‍්‍රී ලංකාවට පැමිණියහ. මෙම කණ්ඩායමේ මූලිකත්වය ගෙන කටයුතු කරනු ලබනුයේ ගෝලීය සෞඛ්‍ය කණ්ඩායමේ අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කරන්නේ මහාචාර්ය රිචඩ් ෆීචන් (Prof. Richard Feachen) මහතායි. දින 03ක කාල සීමාවක් මෙරට රැඳී සිටින එම නියෝජිත පිරිස ශ‍්‍රී ලංකාව මැලේරියා මර්දනය කිරීම පිණිස අනුගමනය කරන ලද ක‍්‍රියාමාර්ගයන්, සෞඛ්‍ය ආරක්ෂණ ක‍්‍රමවේද, ප‍්‍රාථමික සෞඛ්‍ය ක‍්‍රමවේද, බෝවන රෝග ව්‍යාප්තිය පාලනය වැනි කරුණු පිළිබඳව අධ්‍යයනයක නිරතවීමට නියමිතය. 



    මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) වෛද්‍ය සරත් අමුණුගම, මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය රිසින්ත පේ‍්‍රමරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
     

    1930-1935 ගණන්වල ශ‍්‍රී ලංකාවේ 80,000 ජනතාව මැලේරියා රෝගය නිසා මරණයට පත් වූ අතර මිලියන ගණනක් රෝගීන් වාර්තා විය. 1963 -1969 කාලය තුල අතිශය සාර්ථක මැලේරියා මර්දන ක‍්‍රමවේදයක් ශ‍්‍රී ලංකාව තුළ අනුගමනය කිරීම නිසා එම කාලය තුළ ශ‍්‍රී ලංකාවේ මැලේරියා රෝගීන් වාර්තා වූයේ 17ක් පමණි. නමුත් මැලේරියා රෝගය පිළිබඳ ව ජනතාවගේ අවදානය ගිලිහීයාම නිසා 1969-1970 වකවානුව තුළ ශ‍්‍රී ලංකාවේ මැලේරියා රෝගීන් මිලියන 1.5ක් වාර්තා විය. 1999 වර්ෂයේ ශ‍්‍රී ලංකාවේ මැලේරියා රෝගීන් දෙලක්ෂ 64,549ක් වාර්තා වුව ද 2012 වන විට එම රෝගීන් ගණන 23 දක්වා අවම වී ඇත. ශී‍්‍ර ලංකාව ලක්ෂ ගණනින් මිලියන ගණනින් මැලේරියා රෝගීන් වාර්තා වූ ඝර්ම කලාපීය රටක් වුව ද 2012 ඔක්තෝබර් සිට අප රට තුළ මැලේරියා රෝගීන් වාර්තා වන්නේ නැත. 

    2013 වර්ෂයේ වාර්තා වූ මැලේරියා රෝගීන් සංඛ්‍යාව 95කි. 2014 වර්ෂය වන විට මෙම සංඛ්‍යාව 39 දක්වා අඩු වී ඇත. එම වසර දෙක තුළ වාර්තා වූ මැලේරියා රෝගීන් ද ශ‍්‍රී ලංකාවට පැමිණි විදේශීය සංක‍්‍රමණිකයන් වේ.  

    මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා, පසුගිය වසර 02ක කාල සීමාව තුළ කිසිදු මැලේරියා රෝගියෙකු මෙරටින් වාර්තා වී නොමැති බවත් මැලේරියා රෝග මර්දනය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය හා ජාතික මැලේරියා මර්දන වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කළ කාර්යක්ෂම හා දුරදර්ශී පියවර නිසා මෙරට මැලේරියා රෝගීන් අවම කර ගැනීමට හැකි වූ බවත්ය.

    2016 දක්වා මෙම තත්ත්වය පැවැතිය හොත් ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් ශ‍්‍රී ලංකාව මැලේරියා රෝගය තුරන් කළ රටක් බවට නම් කිරීමට යෝජනා කර ඇති බව ද පැවසීය. 


    අග්නිදිග ආසියානු කලාපය තුළ පිහිටි රටවල්වල තවමත් මැලේරියා රෝගය ක‍්‍රියාත්මක ව පවතින නිසා එම රටවල්වල සිට මෙරටට සංක‍්‍රමණය වන රෝගීන් අභියෝගයක් ව පවතින බවත් ගත වූ පසුගිය දෙවසරක කාලය තුළ අප රට අභ්‍යන්තරයෙන් කිසිදු මැලේරියා රෝගියෙකු වාර්තා නොවූ බවත් මැලේරියා ආසාදිත විදේශීය සංක‍්‍රමණිකයන් 39 දෙනෙකු සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත අනුව වාර්තා ඇති බව ද සඳහන් කළේය. මෙරට ගුවන්තොටුපොළ තුළ ස්ථාපිත රෝග ආවේක්ෂණ මධ්‍යස්ථානය මඟින් ඔවුන් හඳුනාගැනීමෙන් පසු ව අවශ්‍ය ප‍්‍රතිකාර ලබාදීමට කටයුතු කිරීම මඟින් රෝග ව්‍යාප්තිය වළකාලන්නට නිරතුරු ව කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවැසීය. 

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya