මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ඩිප්ලෝමා ප්‍රදානය කෙරේ Featured

    ඔක්තෝබර් 15, 2014

    මහින්ද චින්තනයෙන් අධ්‍යාපනයේ හතර වැනි හැරවුම සිදු කර තිබෙන බවත් කන්නන්ගර චින්තනයෙන් අධ්‍යාපනය දුප්පතුන්ගේ නිත්‍ය උරුමයක් බවට පත් කිරීමට උත්සාහ කළ අතර එය ඉදිරියට ක්‍රියාත්මක කිරීම මහින්ද චින්තන ඉදිරි දැක්ම තුළින් සිදු වන බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.


    ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන්හි ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය අද (15) කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවති අතර එහිදී අමාත්‍යතුමා මේ බව සඳහන් කළේය. 

    මෙහිදී ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් 6,043 දෙනෙකු සඳහා ඩිප්ලෝමා ප්‍රදානය කළ අතර 2010 - 2012 කණ්ඩායමේ ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් 3,013 දෙනෙකු සඳහාත් ඩිප්ලෝමා ප්‍රදානය කෙරිණි. 

     2011-2013 කණ්ඩායමේ ශික්ෂණ ඩිප්ලෝමාධාරීන් 3,030 දෙනෙකු සඳහා හෙට (16)  ඩිප්ලෝමා ප්‍රදානය කිරීමට නියමිතය.

    ශ්‍රී ලංකේය අධ්‍යාපනයේ පළමු හැරවුම හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි, හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා, අනගාරික ධර්මපාල තුමා යන නායකයන් යටතේ සිදු වූ අතර දෙවැනි හැරවුම කන්නන්ගර චින්තනයෙන් හා තෙවැනි හැරවුම් ලොව ප්‍රථම අග්‍රාමාත්‍යතුමිය වන සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය පෞද්ගලික පාසල් රජයට පවරා ගනිමින් සිදු කළ බවත් අමාත්‍යතුමා පෙන්වා දුන්නේය. 


    ලක්ෂ සංඛ්‍යාත දරුවන්ගේ අනාගතය ගොඩනැගීම වෙනුවෙන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය තීන්දුවක් ලෙස ගණිතය අසමත් වූවත් පාසල් යාමේ අවස්ථාව දරුවන්ට ලබා දී තිබෙන බවත් එවැනි ප්‍රතිපත්ති තීන්දුවක් වෙන කිසි ම ආණ්ඩුවක් ගෙන නැති බවත් අමාත්‍යතුමා සඳහන් කළේය.


    දෙමාපියන්ට, රටට ගෞරවයක් ලෙස වඩා කිසිදු භේයකින් තොර ව අන් සියලු දෙනාට දරුවන්ට ආදරය කරන, සරල මතුපිට දකින්නේ නැති ව ගැඹුරින් යමක් සිතා දරුවන් වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන ලෙස අමාත්‍යතුමා විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

    අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අබේරත්න බණ්ඩාර, ප්‍රධාන කොමාසාරිස් (ගුරු අධ්‍යාපන) එල්.එම්.ඩී. ධර්මසේන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.

    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya