මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බන්ධනාගාර රැඳවූවන්ට “හෙලෝ” කියන්න වරම් Featured

    ඔක්තෝබර් 15, 2014

    ශ්‍රී ලංකා බන්ධනාගාරයේ ප්‍රථම වතාවට බන්ධනාගාර රැඳවූවන් වෙනුවෙන් ඔවුන්ගේ සබැඳියාවන් සමඟ බන්ධනාගාරය තුළ සිට කතා කිරීමට හැකි වන පරිදි දූරකතන කුටි 08ක් අද (15) පස්වරුවේ පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ‍ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිකඩ බන්ධනාගාරයේ දී විවෘත කෙරිණි.   


    පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතාගේ සංකල්පයක් මත එම අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ මහතාගේ උපදෙස් පරිදි මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක විය. මේ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 72කි. මෙහිදී දුරකතන කුටි සකස් කිරීම සඳහා ශ්‍රම දායකත්වය නේවාසිකයන් විසින් සපයන ලද අතර ඔවුන්ට අමාත්‍යතුමා අතින් ත්‍යාග පිරිනැමිණි.


    මෙම අවස්ථාව සඳහා අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ, බන්ධනාගාර කොමසාරිස් චන්ද්‍රරත්න පල්ලේගම, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් ද සිල්වා, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන නිලධාරී කිත්සිරි පෙරේරා සහ වැලිකඩ බන්ධනාගාර අධිකාරි එමිල් රංජන් යන මහත්වරු ඇතුළු බන්ධනාගාර නිලධාරීහු සහභාගී වූහ.

    NDH

    01 2

     

     

    03

     

    04

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya