සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයින පුරා ගිගුරුම් සහිත වැසි Featured

    ඔක්තෝබර් 16, 2014

    (දෙවන යාවත්කාලීන කිරීම) අද (16) අපරභාගයේදී ගිගුරුම් සහිත වැසි වර්ධනය වීම සඳහා සුදුසු වායුගෝලීය තත්ත්වයන් තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව අපරභාගයේදී  සහ රාත්‍රී කාලයේ දී දිවයින පුරා ම පාහේ ගිගුරුම් සහිත වැසි පැතිර යයි.


    සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ද ඇති විය හැක. නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි ඇති වේ.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තරමක තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණික ව ඉල්ලා සිටිනු ලැබේ.

     


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය                                            

     
    ගාල්ලට කොළඹට අනුරාධපුරයට මන්නාරමට නුවරඑළියට මහනුවරට රත්නපුරයට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි.

    යාපනයට ත්‍රිකුණාමලයට මඩකළපුවට උදෑසන වැසි ස්වල්පයක් සහ අපරභාගයේදී ගිගුරුම් සහිත වැසි.

     


    උෂ්ණත්වය හා වර්ෂාපතනය                                                       

     

    අද උදෑසන 5.30 වනවිට මි.මී. 29.8ක වර්ෂාපතනයක් බදුල්ලෙන් ද මි.මී. 28.4ක වර්ෂාපතනයක් කොළඹින් ද මි.මී. 20.2ක මි.මී. 12.7ක වර්ෂාපතනයක් කටුනායකින් ද වර්ෂාපතනයක් ගාල්ලෙන් ද මි.මී. 73.2ක වර්ෂාපතනයක් රත්නපුරින් ද මි.මී. 22.9ක වර්ෂාපතනයක් වවුනියාවෙන් ද මි.මී. 25.8ක වර්ෂාපතනයක් මහඉලුප්පල්ලමින් ද මි.මී. 46.0ක වර්ෂාපතනයක් කුරුණෑගලින් ද මි.මී. 21.0ක වර්ෂාපතනයක් රත්මලානෙන් ද මි.මී. 18.9ක වර්ෂාපතනයක් හම්බන්තොටින් ද මි.මී. 73.6ක වර්ෂාපතනයක් මත්තලින් ද මි.මී. 10.6ක වර්ෂාපතනයක් කටුගස්තොටින් ද මි.මී. 8.9ක වර්ෂාපතනයක් පොලොන්නරුවෙන් ද වාර්තා වී තිබේ.


    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 35.°C ත්‍රීකුණාමලයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.3°C ත්‍රීකුණාමලය ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 11.2°C නුවරඑළියෙන් ද මි.මී. 88.2ක උපරිම වර්ෂාපතනය වැල්ලවාය හඳපානාගල ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya