ඒ අනුව ආර්.එස්.එස්. 01 රබර් වර්ගය කොළඹ රබර් වෙන්දේසිය තුළ ඊයේ කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 289.50 විය. එය පසුගිය සැප්තැම්බර් සාමාන්‍ය මිල කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 261.08ක් විය.
ආර්.එස්.එස්. 02 රබර් වර්ගය ද ඊයේ කොළඹ රබර් වෙන්දේසියේ කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 280.00ක් විය. එය පසුගිය සැප්තැම්බර් මස සාමාන්‍ය මිල කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 256.06 විය.
ආර්.එස්.එස්. 03 රබර් වර්ගය ඊයේ කොළඹ රබර් වෙන්දේසිය තුළ රුපියල් 267.00, එය පසුගිය සැප්තැම්බර් මස සාමාන්‍ය මිල කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 240.50ක් විය.
ආර්.එස්.එස්. 04 රබර් වර්ගය ඊයේ කොළඹ රබර් වෙන්දේසිය තුළ ඉදිරිපත් වී නොතිබුණි. එහි පසුගිය සැප්තැම්බර් මස සාමාන්‍ය මිල කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 238.00ක් විය.
ආර්.එස්.එස්. 05 වර්ගය ද ඊයේ කොළඹ රබර් වෙන්දේසිය සඳහා ඉදිරිපත් නොවුණ අතර, එය පසුගිය සැප්තැම්බර් මස ද කොළඹ රබර් වෙන්දේසිය සඳහා ඉදිරිපත් නොවුණ බව සැලසුම් අධ්යක්ෂවරයා පවසයි.
ECB