මධ්‍යම පළාතේ හාරිස්පත්තුව නියංගොඩ ග්‍රාමයේ පෞරාණික මොලගොඩ කෝරළේ නිවසේදී 1948 වසරේදී ජන්ම ලාභය ලද අනුනාහිමියන්ගේ පියා විදුහල්පතිවරයෙකු වූ නියංගොඩ හේරත් රාජකරුණා වාසල මුදියන්සේලාගේ කුඩාබණ්ඩා නියංගොඩ විය. මව වූයේ මොලගොඩ රාජකරුණා අතපත්තු වාසල මුදියන්සේලාගේ බිසෝ මැණිකේ ගුරු මාතාවයි.
ගිරාගම ශ්‍රී සුමංගලාරාම විහාරවාසී ගල්ලෑල්ලේ නන්දසාර ස්වාමින්ද්‍රයන් වහන්සේ හා මල්වතු මහ විහාරවාසී හේනේපොළ ශ්‍රී නන්දසිරි ස්වාමින්ද්‍රයන් වහන්සේ ගුරු කොට 1964 වර්ෂයේ මැයි මස 26 දින පැවිදි බිමට එළඹෙද්දී උන්වහන්සේට වයස අවුරුදු 16 කි.
DB