අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තවත් මහින්දෝදය විද්‍යාගාරයක් ජනපති අතින් සිසු අයිතියට Featured

    මාර්තු 21, 2014

    මහින්ද චින්තන වැඩපිළිවෙළට අනුව දිවයිනේ පාසල් දහසක් ද්විතීයක පාසල් ලෙස සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ කැලණිය එච්.කේ. ධර්මදාස විද්‍යාලයේ ඉදිකළ තෙමහල් මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය ඊයේ (20) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් සිසු අයිතියට පැවරිණි.



    අධ්‍යාපන අමාත්‍යංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ නිර්මාණය කළ අංග සම්පූර්ණ ගණිතාගාරයකින්, පරිගණක 25කින් සමන්විත භාෂාගාරයකින්, පරිගණ 40කින් සමන්විත පරිගණකාගාරයකින් සහ දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානයකින් සමන්විත තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පැවරූ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවකද නිරත වෙමින් සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ සොයා බැලීය.

    අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, බන්දුල ගුණවර්ධන, මර්වින් සිල්වා, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, ඉන්දික බණ්ඩාරනායක මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya