මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලක්ෂය වැනි චීන සංචාරකයා දිවයිනට Featured

    ඔක්තෝබර් 11, 2014
    2014 වසරේ චීනයෙන් ශ්‍රී ලංකාවට සංචාරකයන් 100,000 පැමිණීමේ අවස්ථාව සනිටුහන් කරමින් අද (11) උදෑසන UL 867 ගුවන් යානයෙන් චීනයේ ෂැංහයි නුවර සිට ලක්ෂය වැනි සංචාරකයා දිවයිනට පැමිණියේය.
     
    එම ගුවන් යානයෙන් ෂැංහයි සිට හයොන් මහතා සහ චෙන් හුයි හුවා මහත්මිය මෙලෙස දිවයිනට පැමිණ ඇත.
     
    පසුගිය දා ශ්‍රී ලංකා සංචරණය විසින් ෂැංහයි නුවර බස්රථ මගින් සිදුකරනු ලැබූ ප්‍රචාරණ සහ අනෙකුත් ප්‍රචාරණ වැඩසටහන් දැකීමෙන් අනතුරු ව ශ්‍රී ලංකාවට පැමිණීමට තීරණය කළ බව ඔවුන් ප්‍රකාශ කර සිටියහ.
     
    චීන යුවල බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේ දී මහත් හරසරින් යුතුව පිළිගන්නා ලද අතර ඔවුන්ට ශ්‍රී ලංකාවේ නැවත සංචාරය සඳහා සුපිරි හෝටල් සහ ගුවන් ටිකට්පත් පහසුකම් සහිතන දින පහක පැකේජයක් ශ්‍රී ලංකා සංචරණය මගින් තිළිණ කළේය. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya