අමාත්‍යවරයා මේ බව පැවසූයේ ඊයේ (10) වැල්ලවත්ත ග්ලෝබල් ටවර්ස් හෝටලයේ දී පැවති ‘‘සාර්ක් කලාපීය දැනුම පාදක ආර්ථිකයක් හා ආර්ථික වර්ධනය සඳහා වූ උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ නවෝත්පාදන පිළිබඳ වැඩමුළුවේ’’ ප‍්‍රධාන දේශනය පවත්වමිනි.
ලෝක ජනගහනය වන බිලියන 6.8න් 1.61ක් ම ආසියාවට අයත්. නමුත් ලෝක ගෝලයෙන් 4%ක භූමි ප‍්‍රමාණයක් තමයි දකුණු ආසියාවට තියෙන්නේ. අපේ රටවල එක පුද්ගල ආදායම විශාල වශයෙන් විචලනය වෙනවා වගේම දළ දේශීය නිෂ්පාදිතය හා ඒක පුද්ගල ආදායම වර්ධනය විය යුතුව තිබෙනවා. නමුත් දැනුම සහ හැකියා අපේ ජාතීන් අතර සුවිශේෂී සහ ප‍්‍රධාන භූමිකාවක් රඟදක්වනවා යනුවෙන් ද දිසානායක මහතා පැවසී ය.
මෙම සමුළුව ඉතා වැදගත් සහ කාලීනයි. නවෝත්පාදන හා අතිශයින්ම වැදගත් සහ අවශ්‍යම දෙයක් උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රය දෙස බලද්දී. එසේම මෙම නවෝත්පාදන තුළින් අපි අපේ දීර්ඝ කාලීන ඉලක්ක සහ බලාපොරොත්තු සපුරා ගන්නට රටක් වශයෙන් සහ කලාපීය එකමුතුවක් වශයෙන් වෙහෙස විය යුතුයි. මෙම වැඩමුළුවට අදාල සංකල්ප පත‍්‍රිකාව කියවාගෙන යද්දී නවෝත්පාදන කියන සංකල්පය උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රයට ආදේශ කරන්නේ නම් යමක් කිරීම සඳහා නවක‍්‍රමයක් සොයා ගැනීම, පරිපාලන හෝ විද්වත් හැකියා වර්ධනයේ වෙනෙසක් ඇතිකිරීමට සහ නව චින්තනය තුළින් පරිණාමීය අත්දැකීම් ලබාදීම අදහස් කෙරෙනවා.
අපි උසස් අධ්‍යාපන අමාත්‍යංශය වශයෙන් පසුගිය වසර 05 තුළ සිදුකළ නවෝත්පාදන පිළිබඳ සිහිකැඳවීමක් මෙහිදී කරන්නට කැමතියි. ක‍්‍රමෝපායික චින්තනය, සැලසුම්කරණය සහ කළමනාකරණය සංකල්ප අපේ උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රයට හඳුන්වාදීම එකක්. රටේ ජාතික දැක්මට අනුව ශ‍්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය බවට පත්කිරීම සහ ඊට අදාළ කේන්ද්‍රස්ථාන 05ක් ඔස්සේ එම දැක්ම නාවුක, ගුවන්, බලශක්ති, වානිජ්‍යය, සංචාරක යන ඉතාම වැදගත් දේ දැනුමේ කේන්ද්‍රය වෙන බවයි.
ජාතික දැක්මට අනුව යමින් අපි අපේ අමාත්‍යංශයීය දිගු කාලීන දැක්ම ලෙස 2020 දී ශ‍්‍රී ලංකාව උසස් අධ්‍යාපනයේ විශිෂ්ටත්වයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම දැක්ම යටතේ අපි ඉලක්කයන් 12ක් සහ අරමුණු 54ක් තුළින් අපි වර්තමානයේ සිටින තැන සහ අපි යා යුතු තැන කුමක්ද යන්න පැහැදිලිව නිර්වචනය කරන අතර KAP මොඩියුලය ඊට පාදක කර ගන්නවා. මේ අනුව විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ තිබෙන විශ්වවිද්‍යාල 17ම සිසුන් තමන්ගේ ම ක‍්‍රමෝපායික සැලසුමක් සංවර්ධනය කරලා තියෙනවා.
ජාත්‍යන්තර මට්ටමේ ඉහළ තත්ත්වයේ විශ්වවිද්‍යාල රැසක් ලංකාවේ පිහිටුවමින් යන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයයා මේ වන විට රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල සහ ආයතන 54ක් ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක වන බවත් මේවා නිසි පරිදි ප‍්‍රමිතිගත කිරීමට සහ නීතිගත කිරීම සඳහා විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ තත්ත්වය සහ ගුණාත්මකභාවය සුරක්‍ෂිත කිරීම සඳහා සුදුසුකම් රාමුවක් පිළිබඳ පනතක් ළඟදීම පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බවත් පැවසීය.
විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සඳහා පවතින නේවාසිකාගාර ගැටලුව විසඳීම සඳහා තරු තුනේ හතරේ හෝටල්වල පහසුකම් පවතින නේවාසිකාගාර 60ක් ඉදිකිරීමට කටයුතු කළා. මේ වනවිට එහි පළමු අදියර වශයෙන් නේවාසිකාගාර 30ක් ඉදිකර අවසන්. ඒ අනුව සිසුන් 24000කට නේවාසිකාගාර පහසුකම් ලැබෙනවා. මෙය ශ‍්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම නේවාසිකාගාර ව්‍යාපෘතිය යි.
මෙවැනි වැඩමුළු පැවැත්වීම කලාපීය සහයෝගීතාව වර්ධනයට මෙන් ම කලාපීය සංවර්ධනය උදෙසාද පිටුවහලක් වනු ඇතැ යි තමන් විශ්වාස කරන බවත් සාක් රටවල් වශයෙන් එකට එක් ව අපේ හැකියාව තුළින් ලෝකය ශක්තිමත් ම කලාපය බවට පත්වීමට කටයුතු කරමු යැයි ද අමාත්‍යවරයා එහිදී ඉල්ලා සිටියේය.
මෙම අවස්ථාව සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න, අතිරේක ලේකම් පී.ජී. ජයසිංහ, මාල දිවයින් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය අස්ලීන් අහමද් මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
DB