අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාල් දේවී දුම්රිය ඔක්: 13 සිට යාපනය දක්වා

    ඔක්තෝබර් 11, 2014

    දැනට පච්චිලෙයි පලෙයි දක්වා දිවෙන යාල් දේවී දුම්රිය අනිද්දා (13) සිට යාපනය දක්වා ගමන් කරවීමට සියලු කටයුතු සැලසුම් කර ඇත.


    උතුර දකුණ යා කරමින් යාපනය දක්වා මෙහි ගමන් මාර්ග පුළුල් කිරීමෙන් යාපනය අර්ධද්වීපයේ වැසියන්ට දිවයිනේ සෙසු ප්‍රදේශ කරා ඉතා පහසුවෙන් ගමන් කිරීමේ හැකියාව ලැබෙනු ඇත.

    ඔක්තෝබර් 13 දින පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පලෙයි සිට යාපනය දක්‌වා සුබ මොහොතින් ගමන් ආරම්භ කිරීමට නියමිතය. 

    අලුතින් ඉදිකෙරුණු යාපනය දුම්රිය ස්‌ථානය ද මෙහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත වනු ඇත. එය නවීන විදුලි සංඥා පද්ධතියකින් ද සමන්විත වේ.

    උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය මේ වන විට පලෙයි දක්‌වා සිදු වන අතර වව්නියාව දක්‌වා පමණක්‌ ධාවනය වූ දුම්රිය යුද්ධය නිමවීමෙන් අනතුරු ව තාණ්‌ඩිකුලම, ඕමන්ත, කිලිනොච්චිය දක්‌වා ධාවනය කරවීමට රජයට හැකි විය.

    උතුර දුම්රිය මාර්ගය තැනීම ඉන්දීය 'ඉර්කෝන්' සමාගම විසින් සිදු කරනු ලබන අතර ඉදිරියේදී කන්කසන්තුරය දක්‌වා ම මෙම දුම්රිය ධාවනය කරවීම රජයේ අරමුණ වේ.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya