මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අවුරුදු නැකතට හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය අද ගම්පහ දී Featured

    අප්‍රේල් 16, 2014

    හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය අද (16) ගම්පහ කොස්සින්න රජමහා විහාරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අලුත් අවුරුදු නැකැත් චාරිත්‍රවලට අනුව පැවැත්වෙන බව දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට අද උදෑසන පැවසීය.


    වසරක් පාසා චාරිත්‍රානුකූලව පැවැත්වෙන මෙම මහෝත්සවය අද අවුරුදු නැකතට අනුව පෙරවරු 11.16ට ආරම්භ කෙරේ. අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා ඇතුළු මැතිඇමතිවරුන් රැසක් ද අද මේ උත්සවයට එක් වෙති.


    මෙවර ආයුර්වේද දෙපාර්තමේන්තුව වෙහෙර විහාර දසදහසකටත් ලියාපදිංචි දේශීය වෛද්‍යවරුන් පහළොස් දහසකටත් හිසතෙල් ගල්වන නානු නොමිලේ බෙදාදුන් බවත් ආයුර්වේද ලිත් 50000ක් සිංහල සහ දෙමළ භාෂාවලින් මුද්‍රණය කර උතුරු නැඟෙනහිර ඇතුළු දිවයින පුරා බෙදාදුන් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.


    කොස්සින්න, යටවත්ත රාජමහා විහාරය සහ ඉඹුල්ගොඩ විජයවර්ධන ශ්‍රී මහා විහාරය යන උභය විහාරාධිපති සියනෑ කෝරළයේ ප්‍රධාන සංඝනායක තෝරපිටියේ ආනන්දාභිධාන නායක හිමිගේ හා කොස්සින්න රජමහා විහාරාධිකාරී උඩුගම්පොල ගුණානන්ද හිමිගේ අනුශාසකත්වයෙන් රාජ්‍ය මහෝත්සවය පැවැත්වෙන බව බණ්ඩාරනායක මහතා කීය.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya