මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තුන්වෙනි වතාවටත් තරග කිරීමට ජනාධිපතිතුමාට අවස්ථාව තිබෙනවා

    සැප්තැම්බර් 04, 2014
    එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව රජයක් ලෙස පැහැදිලි ස්ථාවරයක සිටින බවත් තුන්වෙනි වතාවටත් ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට අවස්ථාව ඇති බවත් අද (04) පස්වරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට තෙවන වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි බවට හිටපු අග විනිසුරුවරයෙක් වන සරත් එන්. ද සිල්වා මහතා කරන ලද ප්‍රකාශය ගැන මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

     

    මේ පිළිබඳ කවුරු හරි විරුද්ධ නම් අදහස් ප්‍රකාශ කළ හැකියි. ඕනෑම ප්‍රශ්නයක් අභියෝගයට ලක්වෙනවා නම් ඒ පිළිබඳ උපදෙස් ගත හැකි බවත් ජනාධිපතිතුමා දැනටමත් ඕනෑ ම ප්‍රශ්නයක දී උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya