මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමෘද්ධියට බිලියන 8යි - සුවඳ විලවුන්වලට බිලියන 30ක්

    සැප්තැම්බර් 04, 2014
    ලක්ෂ 16ක් වන පවුල් සංඛ්‍යාවක් සඳහා සමෘද්ධි ආධාරය ලබාදීම සඳහා වර්ෂයකට රුපියල් බිලියන 08ක් වැය වන ශ්‍රී ලංකාවේ වසරකට රූපලාවන්‍ය ඇතුළු සුවඳ විලවුන් සඳහා බිලියන 30ක් වැය වන බවත් ඉන් බිලියන 15ක ප්‍රමාණයක් විදේශ රටවල් සඳහා ඇදී යන බවත් යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
     
    යෞවන කටයුතු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (04) එම අමාත්‍යංශය යටතේ ඇති ජාතික වෘත්තීය පුහුණු අධිකාරියේ රූපලාවන්‍ය උපදේශිකාවන් සඳහා විදේශ ශිෂ්‍යත්ව පිරිනැමීම නිමිත්තෙන් පැවැති උත්සවයකට සහභාගි වෙමිනි.
     
    නව පරපුර රූපලාවන්‍ය ක්ෂේත්‍රය සඳහා ඇතුළුවීමේ ප්‍රවණතාව ඉතා ඉහළ අගයක් ගන්නා බව පෙන්වා දුන් අමාත්‍යවරයා මේ ක්ෂේත්‍රයේ වෘත්තීය වශයෙන් ඉහළ ස්ථානයක් හිමි වන බවත් පසුගිය දිනවල සිදුවීම් හරහා වැරදීමකින් හෝ මෙම ක්ෂේත්‍රය පිළිබඳව අවධානය යොමු කිරීම පිළිබඳ ව තමන් ඉතා සතුටට පත් වන බවත් පෙන්වා දුන්නේය.
     
    දේශීය ව්‍යවසායකන් තුළ මේ සියලු කටයුතු රඳවාගැනීමේ අවස්ථාව හිමිවන්නේ නම් එය ජාතියක් වශයෙන් අප ලබන ජයග්‍රහණයක් බවත් පෙන්වා දුනි. 
     
    පවතින නීතිරීති අනුව රූපලාවන්‍ය කටයුතු ව්‍යාපාරික මට්ටමින් පවත්වාගෙන යන්නට නම් ජාතික වෘත්තීය කුසලතා මට්ටම අවශ්‍ය වනවා. රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ 15,000කට වැඩි ප්‍රමාණයක් සඳහා ජාතික මට්ටමේ සහතික පත්‍ර මුදා හැර තිබෙනවා.
     
    විශ්වවිද්‍යාල විද්‍යායතන සඳහා විෂය නිර්දේශයන් මේ වන විට සකස් කොට අවසන්. ඒ අනුව පළමු උපාධිධාරියා බිහිවීමට වසර 3ක් හෝ 04ක් වැනි ඉතා කෙටි කාලයක් පමණයි ගත වන්නේ. යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යංශය වෙත ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෘත්තීය අධ්‍යාපනය ඔසවා තැබීම සඳහා ඉලක්කයක් ලබා දී තිබෙනවා. 
     
    ඉදිරියේ දී පළමු වරට වෘත්තීය පුහුණු අධිකාරියේ විලේපනවේදය ඩිප්ලෝමා පාඨමාලා ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවත් නිපුණතා සංවර්ධනයට සැබෑ වුවමනාවක් ගුරුවරයාට මෙන් ම සිසුවාට ද බද්ධ කළ යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya