මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අසරණ රෝගී ජීවිත අපහසුතාවට පත්නොකර සේවයට එන්න

    අගෝස්තු 28, 2014
    පරිපූරක වෛද්‍ය සේවාවට අයත් ශ්‍රේණි 05ක වෘත්තිකයන් විසින් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මේ වන විට වෘත්තීය ක‍්‍රියා මාර්ගයක නිරතව සිටියි.
     
    එම වෘත්තිකයන්ගේ ඉල්ලීම් පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (27) සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි.
     
    පරිපූරක වෛද්‍ය සේවාවට අයත් ශ්‍රේණි 05කට බලපාන ඉල්ලීම් සම්බන්ධයෙන් නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්ගේ ප‍්‍රධානත්වයෙන් පැවති කමිටුවේ වාර්තාව අනුව ඉදිරිපත් කර ඇති නිර්දේශ ඇතුළත් අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රිපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා ද මෙහිදී පැවසීය.
     
    පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් විසඳුම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවශ්‍ය පියවර ගනිමින් සිටියි. අසරණ රෝගීන්ගෙන් ජීවිත පිළිබඳව සානුකම්පිතව සලකා බලා වෘත්තීය ක‍්‍රියා මාර්ගයෙන් ඉවත්ව සේවයට වාර්තා කරන ලෙස එම වෘත්තිකයන්ගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.
     
    NDH/SK-cmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya