මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පවතින නියං තත්ත්වයට හේතුව කාලගුණ දේශගුණ විපර්යාස Featured

    අගෝස්තු 28, 2014
    මේ වන විට දිස්ත්‍රික් 16කට නියඟ තත්ත්වයක් බලපා ඇති බවත් මේ යුගයේ පවතින කාලගුණ දේශගුණ විපර්යාසයන් ඒ සඳහා හේතු වී ඇති බවත් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
     
    "පසුගිය කාලවකවානුවේ දී ද මෙවැනි ම නියඟ තත්ත්වයන්ට මෙරට මුහුණ දුන්නා. නමුත් මෙවර තත්ත්වය තරමක් දරුණුයි. ලංකාවට පමණක් නොවෙයි තවත් රටවලට මෙය විවිධාකාරයෙන් බලපා තිබෙනවා. ලංකාවේ අප ජාතියක් ලෙසින් ආඩම්බර විය යුතුයි. අප තරම් ජලය අරපිරිමැස්මෙන් රැසකර තබාගන්නා ජාතියක් නෑ". 
     
    "පසුගිය කාලයේ දී ලංකාවට ලැබුණු වර්ෂාපතනයේ අඩුවක් නෑ. නමුත් එම වර්ෂාපතනය ලැබුණු කාලපරාසය නිසා ජලය රැස්කර තබාගැනීමේ අපහසුතා ඇති වුවා. මාස තුනක වැනි කාලයක් පුරා ලැබිය යුතු වර්ෂාව දින කිහිපයක් තුළ ලැබීමේ දී ජලය රැස්කරගැනීමට හැකියාවක් තිබුණේ නෑ. ලැබිය යුතු වර්ෂාපතනය නියමිත කාලය තුළ ලැබුණේ නම් ජලය ගබඩා කරගැනීමේ හැකියාව පවතිනවා".
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා බලයට පැමිණීමෙන් අනතුරුව සුළු වාරිමාර්ග සඳහා වැඩි මුදලක් වෙන් කිරීමට කටයුතු කළ බව පෙන්වා දුන් ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා පසුගිය වසරේ දී වැව්වල රොන්මඩ ඉවත් කිරීමේ කටයුතු ඉතා සාර්ථක අන්දමින් ක්‍රියාත්මක වු බවත් ඒ සියලු වැව්වල වැඩි ජලයක් ගබඩා කරගැනීමේ අවස්ථාව ලැබුණු බවත් පෙන්වා දුන්නේය.
     
    ඇළ මාර්ග කොන්ක්‍රීට් කිරීමේ කටයුතු සිදු කිරීම හරහා ජල කළමනාකරණයට හැකියාව ලැබෙන අතර ම නියඟ කාලවලදී එය පාඩුවක් වී ඇති බවත් ඒ හරහා වියළි කාලවලදී ජල සීරාව රඳවා ගැනීමට නොහැකි බවත් පෙන්වා දුන්නේය.
     
    මාර්ග සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමේ දී ජලය උරාගන්නා ක්‍රම යොදා ගැනීමට රජය පෙළඹී ඇති  බවත් පවතින තත්ත්වය අනුව ජනතාවට හැකි උපරිම ආකාරයෙන් සහන ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා කීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya