මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද වාලප්පදු, කිලිනොච්චි සහ පුදුමාතලන් නගරවලට හිරු මුදුන් වෙයි Featured

    අගෝස්තු 29, 2014

    අද (29) දිවයිනෙහි වැසි ටිකක් ඇතිවීම සඳහා සුදුසු වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

     

    අද දවස වෙනුවෙන් නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව විශේෂයෙන් උදය කාලයේ දී, දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.


    අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව සහ නැගෙනහිර පළාත් වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.


    දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී සූර්යයා, අද (28) සිට සැප්තැම්බර් 07 දින දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතී. අද දහවල් 12.12ට වාලප්පදු, කිලිනොච්චි සහ පුදුමාතලන් යන නගරවලට හිරු මුදුන්ව පවතී.


    අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    නුවරඑළිය, මහනුවර, රත්නපුරය, යාපනය, ගාල්ල සහ කොළඹට වැසි වාර කිහිපයක් ඇති වේ.


    මඩකළපුවට අපරභාගයේදී  හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැස්සක් ඇතිවිය හැක.


    ත්‍රිකුණාමලය, අනුරාධපුරය සහ මන්නාරමට ප්‍රධාන වශයෙන් වැසි නොමැත.  


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 35.0°C ත්‍රිකුණාමලයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.0°C  නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 35.7°C පොලොන්නරුව සහ මොනරාගල ප්‍රදේශයෙන්  ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 11.7°C නුවරඑළියෙන් ද මි.මී. 3.6ක උපරිම වර්ෂාපතනය රත්නපුර කුඩවේ ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya