මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාකිස්තාන ගුවන් හමුදාපති ශ‍්‍රී ලංකා ගුවන් හමුදාපති හමුවේ

    අගෝස්තු 28, 2014
    ශ්‍රී ලංකාවට පැමිණ සිටින  පාකිස්තාන ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් තාහිර් රාෆික් බට් හා ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක අතර නිල හමුව ගුවන් හමුදා මුලස්ථානයේදී අද (28) පෙරවරුවේදී සිදුවිය. 
     
    ගුවන් හමුදා මුලස්ථාන පරිශ‍්‍රයට පැමිණි පාකිස්තාන ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් තාහිර් රාෆික් බට් ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක විසින් පිළිගත් අතර, ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය විසින් ආචාර පෙළපාළියක් ද පැවැත්විණ.

     මෙම හමුවේදී දෙරටේ ආරක්‍ෂක තත්ත්වය පිළිබඳ කරුණු රැසක් සාකච්ඡා කරන ලද අතර පාකිස්තාන ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් තාහිර් රාෆික් බටි  හා ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක අතර හමුවීම සිහිගැන්වීම පිණිස විශේෂ සමරු තිළිණ හුවමාරුවක්ද සිදුවු අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානි ඇතුළු අධක්‍ෂක මණ්ඩලයේ නිලධාරිහු ද මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ. 
     ඉන් අනතුරුව පාකිස්තාන ගුවන් හමුදාපතිවරයාගේ ආර්යාව වෙනුවෙන් වෝටර්ස් එජ් හෝටලයේදී  ශ්‍රී  ලංකා ගුවන් හමුදාපතිවරයාගේ ආර්යාව රොෂානි ගුණතිලක විසින් විශේෂ තේ පැන් සංග‍්‍රහයක්ද පවත්වන ලදී.

     පාකිස්තාන ගුවන් හමුදාපති ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි මෙන් ම යුධ හා නාවික හමුදාපතිවරුන් හමුවීමටද නියමිත අතර රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය ලේකම් ගෝඨාභය රාජපක්ෂ හමුවීමටද නියමිතව ඇත. මෙම සංචාරය අතරතුර පකිස්තාන ගුවන් හමුදාපති ගුවන් හමුදා මූලික කඳවුර කටුනායක හා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨ කඳවුර ඇතුළු ස්ථාන කිහිපයකම සංචාරය කිරීමටද නියමිතව ඇත.

    ECB      

    airf2

    airf3
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya