මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආබාධිත ඡන්ද දායකයන්ට සහයකයෙක් රැගෙන යාමට අවස්ථාව Featured

    අගෝස්තු 28, 2014
    පුර්ණ හෝ අර්ධ දෘෂ්‍යාබාධිත තත්ත්වයකට හෝ යම් ශාරීරික අශක්නුතාවකට පත්ව සිටින ඡන්ද හිමියෙකුට ඡන්ද පොළේ දී ඡන්ද පත්‍රිකාව සලකුණු කිරීම සඳහා සහයකයෙකු කැටුව යාමට අවශ්‍ය ප්‍රතිපාදන සැලසීමට මැතිවරණ මහ ලේකම් කාර්යාලය කටයුතු යොදා ඇත.
     
    ඒ අනුව යෝග්‍යතා සහතිකයක් අදාළ ඡන්ද පොළෙහි නිලධාරීන් වෙත ඉදිරිපත් කිරීමෙන් මෙම අවස්ථාව ලබාගැනීමට හැකිය.
     
    මෙම යෝග්‍යතා සහතිකය ලබාගැනීම සඳහා තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීගෙන් අවශ්‍ය ඉල්ලුම්පත් ලබාගත හැකිය.
     
    එසේ යෝග්‍යතා සහතිකයක් නොමැතිව ඡන්ද පොළ වෙත සහයකයෙකු කැටුව යා නොහැකි අතර යම් ඡන්දදායකයෙකුට යම් සහයක් අවශ්‍ය වුවහොත් අදාළ ඡන්දපොළෙහි ස්ථානාධිපතිවරයාගේ කැමැත්ත මත එහි රාජකාරියේ යෙදී සිටින නිලධාරීවරයෙකුගේ සහය ලබාගත හැකිය. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya