මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නොරොච්චෝලේ බලාගාරයේ විදුලි උත්පාදනය කඩිනමින් යථාවත් කරනවා Featured

    අගෝස්තු 28, 2014
    හෙට (29) සිට තෙදිනක් ඇතුළත නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු පෙර පරිදි සිදුකිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එම්.සී. වික්‍රමසේකර මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.
     
    හෙට එක් විදුලි උත්පාදන යන්ත්‍රයක් ද පිළිවෙළින් දෙදිනක් ඇතුළත අනෙකුත් යන්ත්‍ර දෙක ද ක්‍රියාකාරී තත්ත්වයට ගෙන ඒමට අපේක්ෂා කරන බවද ඒ මහතා පැවසීය.
     
    බලාගාරයේ විදුලි උත්පාදන යන්ත්‍ර තුනෙහි හටගත් දෝෂයක් හේතුවෙන් ඊයේ (26) සිට විදුලි උත්පාදන කටයුතු සම්පූර්ණයෙන් ම ඇනහිට ඇත.
     
    නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයෙන් මෙගාවොට් 600ක විදුලි ධාරිතාවක් මෙරට විදුලිබල පද්ධතියට එක් කෙරේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya