මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නියඟයෙන් පිඩා විඳින යාපන වැසියන්ට ජල ටැංකි

    අගෝස්තු 28, 2014

    පවත්නා නියඟ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ව සිටින යාපනයේ ජනතාව සඳහා පානීය ජලය සැපයීමේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් යාපනය ආරක‍්ෂක සේනා මූලස්ථානය මේ මසදී ආරම්භ කළ අතර මෙම මානුෂීය මෙහෙවර තවදුරටත් ව්‍යාප්ත කරමින් ප්ලාස්ටික් ජල ටැංකි 72ක් යාපනයේ විවිධ ප්‍රදේශවලට බෙදා දීමට 55 වන සේනාංකය පියවර ගෙන ඇත. 


    මේ යටතේ යාපනය ආඥාපති මේජර් ජෙනරල් උදය පෙරේරාගේ ඉල්ලීම මත "දෙරණ" ආයතනය විසින් ලබා දුන් ලීටර් 1000 ටැංකි 52ක්, ලීටර් 500 ටැංකි 10ක් හා ලීටර් 250 ටැංකි 10ක් අවශ්‍යතා සහිත පිරිස් වෙත බෙදා දීම පසුගිය අඟහරුවාදා තලෙයිඅඩි රෝමානු කතෝලික ද්‍රවිඩ මිශ්‍ර විද්‍යාලයේදි පැවැති උත්සවයකදී සිදු කෙරිණි.


    රුපියල් ලක‍්ෂ 8ක් පමණ වටිනා මෙම ජල ටැංකි භාරදීම වෙනුවෙන් 52 සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයසුන්දර, 55 සේනාංකාධිපති බ්‍රිගේඩියර් එස්.කේ. තිරුණාවුකරුසු, 553 බල සේනාධිපති කර්නල් විජිත් සුබසිංහ සහ "දෙරණ" ආයතනය වෙනුවෙන් දෙරණ ප්‍රධාන විධායක නිලධාරි මාධව මඩවල යන මහත්වරු ද ප්‍රදේශවාසීහු ද සහභාගී වූහ.

    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya